ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට

මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේසාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළවර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.

අනුවෆිච්ශ්‍රේණිගත කිරීම විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘RD’ සිට‘CCC+’ දක්වා උසස් කර ඇත. අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වැඩිදියුණුකළ දැක්ම සම්පූර්ණ කිරීමෙන් පසු මුදල් ණය මත තවදුරටත් පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බැවින්ෆිව්විසින් මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම මෙසේ ‘CCC+’ දක්වා උසස් කර ඇත.

ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වීඇති බවය.

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකවඅත්හිටුවීමට පැවති රජය තීරණය කළේය.

සමඟම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් බවට ප්‍රකාශ කරමින්අවස්ථා කිහිපයකදීම ණය ආපහු ගෙවීමේ හැකියාව අඩු රටක් ලෙස පහත හෙළීය. මෙම තත්ත්වයෙන් මිදීමට මෙරට රජය ජාත්‍යන්තරමූල්‍ය අරමුදල සමඟ 2023 මාර්තු මාසයේ දී විස්තීර්ණ ණය වැඩසටහන සඳහා අවතීර්ණ වූයේ ඉන් අනතුරුවය. අනුව මෙරට දේශීයහා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයසාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම්ව අමෙරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස්ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරනු ලැබීය.

අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීම RD මට්ටම, එනම් ණය පැහැරහරින ලද රාජ්‍යයක් යන මට්ටමේසිට, CCC+ මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා පැමිණ තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *