නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙස අදහස් ඉදිරිපත් කරන්න එපා ස්ටෙෆනිගේ බාප්පාගෙන් මුහුණු පොතට සටහනක්..

රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර තිබෙනවා.
එහිදී ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා.
ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන අතර, 2011 සහ 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට සමත් වුණා.
බන්ධනාගාර වැනි සංකීර්ණ පද්ධතියක අධීක්ෂණ කටයුතු සඳහා මෙලෙස කලා ක්ෂේත්‍රයේ නිරූපිකාවක් පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
එවන් පසුබිමක් තුළ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් තම සහෝදරයාගේ දියණිය වන ස්ටෙෆනි සිරිවර්ධන පිළිබඳව මෙසේ සටහනක් තබා තිබෙනවා.
එම සම්පූර්ණ සටහන පහතින්,
Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණියයි මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට. ඇය බන්ධනාගාර කොමසාරිස් වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාර වලට ගොස් ලබාදුන් දියණියකි. තවද ඔවුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහන් පවා සංවිධානය කළ අයෙකී. තවද සුළු වැරදි කර මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වී සිටි අසරණ කාන්තාවන් නිදහස් කර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කර ඔවුන්ට නිදහස ලබා දුන් අයෙකි. මෙම පත්කිරීම සම්බන්ධව විවිධ මත පළ වී තිබුණත් විශේෂයෙන්ම බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් සම්බන්ධව සොයා බලා එම ගැටලු බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ස්වෙච්ඡාවෙන් කටයුතු කළ අයෙකි එවැනි අයෙක් මෙවැනි තනතුරකට පත්කිරීම සුදුසුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. අපක්ෂපාතී විය යුතුය දේශපාලනයෙන් තොර විය යුතුය නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මම stephanie ගේ බාප්පා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන



