Uncategorized

මනසට සහනයක් ගෙනෙන මානසික ආතතිය නැති කරන මේ කෑම දන්නවාද?

මානසික ආතතිය, එහෙම නැත්නම් Stress කියන්නේ හැමෝටම තියෙන දෙයක්.ඇත්තටම දැන් ඉස්සර වගේ නෙමෙයි හැම කෙනාටම වගේ මානසික ආතතිය.ඇහුවොත් කියන්නේ මට stress කියලා.එහෙම වෙලාවට අපි කරන්නේ භාවනා කරනවා, එහෙම නැත්නම් සිංදුවක් අහනවා.නැත්නම් සමහර අය ගොඩක් කනවා වගේ දේවල් කරනවා.හැබැයි stress එක නැති කරන කෑම ගැන දන්නවද? අද අපි කතා කරන්න හදන්නේ Stress එක නැති කරන කෑම වර්ග කිහිපයක් ගැන

නිවුඩු සහිත ඇට වර්ග
මේ සඳහා වඩාත්ම යෝග්‍යයි වන්නේ ඕට්ස් පිටි.ඕට්ස් වලින් අපේ රුධිර පීඩනය අඩු කරනවා. ඒ වගේම මේවා දිරවන්න කාලයක් යන නිසා බඩගින්න දැනෙන්නේ නැහැ.මෙවැනි සංකීර්ණ කාබෝහයිඩ්රේට් Serotonin ශරීරයට පිටකරයි.ඒකෙන් ඔබගේ මනස සැහැල්ලු වෙනවා.

දොඩම්
දොඩම් වල තියෙන විටමින් C මානසික පිඩනයට පත්වී ඇති අවස්ථා වලදී අපේ ශරීරයේ ඇතිවන Cortisol ප්රමණය අඩු කර, මානසික ආතතිය අඩු කරනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා.ඒ නිසා Stress වෙලාවට දොඩම් ගෙඩියක් කියන්නේ ගොඩක් වටින දෙයක්.

Dark Chocolate
නිතරම Dark Chocolate කන අයගේ රුධිරයේ ඇති Cortisol ප්රමාණය අඩුයි.ඒ නිසා සාමාන්‍ය චොක්ලට් කන එකට වඩා dark Chocolate කන එක ගොඩක් හොඳයි.

එළවලු
විටමින් සහ අමතර පෝෂකයන් මෙම එළවලු වල අන්තර්ගතවෙනවා. යහපත් පැවැත්මට මෙම පෝෂකයන් අපට උවමනාවෙනවා. මෙම එළවලු හැපීම කැලරි දහනය කරන අතර, හක්කේ මස්පිඩු චලනය මඟින් සිතේ මහත් කලබලයද අඩුවෙනවා.

නිවිති
නිවිති වල මැග්නීසියම් අන්තර්ගතයි.තෙහෙට්ටු ගති සහ මානසික ආතතිය නිසා මොලයෙහි සෑදෙන වේදනා වලට මැග්නීසියම් සහනයක් දෙනවා.ඊට අමතරව නිවිති වල ඇති තන්තු නිසා ශරීරයේ තියෙන පන නැති ගතිය අඩු වෙලා යනවා.

(Source – behappy)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!