විශේෂාංග

ඔබ රක්ෂ ගණයේද? එහෙනම් මේක ඔයා වෙනුවෙන්මයි!…

ඔබ රක්ෂ ගණයේද👹? එහෙනම් මේක ඔයා වෙනුවෙන්මයි! 👇
🔰– ඔයාලා දන්නවාද ජ්යොතිෂයට අනුව අපේ උපන් නැකත මත පදනම්ව අපේ “ගණය” තීරණය වෙනවා කියලා?
🔰– දේව, මනුෂ්ය සහ රක්ෂ කියලා ගණ තුනක් තිබුණත්, ඒ අතරින් ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරන් තියෙන, ඒ වගේම කුතුහලය පිරුණු ගණය තමයි “රක්ෂ ගණය කියන්නේ”.
🔰– පොඩ්ඩක් ඉන්න… “රක්ෂ” කිව්ව ගමන් බය වෙන්න එපා! ඒකෙන් අදහස් වෙන්නේ ඔයා යකෙක් කියන එක නෙවෙයි. 😅 ඒක ඔයාගේ පෞරුෂය ගැන කියන විශේෂ ලක්ෂණයක් විතරයි.
🔰– ඔබේ උපන් නැකත පහත සඳහන් නැකත් 9 න් එකක් නම්, ඔබ අයිති වෙන්නේ රාක්ෂ ගණයටයි👇
🔷කැති 🔷අස්ලිස
🔷මා 🔷සිත
🔷විසා 🔷දෙට
🔷මුල 🔷දෙනට
🔷සියාවස
🔴– රාක්ෂ ගණයේ උපන් කෙනෙක් ගාව තියෙන මේ අපූරු ගතිගුණ ඔයාටත් තියෙනවාද බලන්න👇
🔰 – ප්රබල පෞරුෂය ➡️ රාක්ෂ ගණයේ ඔබ ඕනෑම තැනක කැපී පෙනෙන, නායකත්ව ගතිගුණ තියෙන චරිතයක් .
🔰– භය නැති බව ➡️ අභියෝග වලට මුහුණ දෙන්න ඔයාට තියෙන්නේ පුදුම හයියක්, ලේසියෙන් පරාජය පිළිගන්නේ නැහැ💪🏻.
🔰– ප්රායෝගික චින්තනය ➡️ රාක්ෂ ගණයේ ඔබ ඕනෑවට වඩා හීන ලෝකවල ජීවත් වෙන්නේ නැහැ, ඕනෑම දෙයක් දිහා ප්රායෝගිකව බලලා වැඩ කරන්න ඔබ හරිම දක්ෂයි.
🔰– සෘජු බව ➡️ ඒ වගේම තමයි වටින් ගොඩින් කියන්නේ නැතුව ඕනෑම දෙයක් මූණටම කෙලින් කියන්න ඔයා දෙපාරක් හිතන්නේ නැහැ.
🔰– සටන්කාමී ගුණය ➡️ තමන්ට අසාධාරණයක් වුණොත් හෝ තමන් ආදරය කරන අයට ප්රශ්නයක් වුණොත්, ඒ වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙන්න ඔයාට පුදුමාකාර සහජ හැකියාවක් තියෙනවා.
🔰– උපක්රමශීලීබව ➡️ ඕනෑම දෙයක් දෙස උපක්රමශීලීව සහ තර්කානුකූලව බලනවා. සතුරන් මර්දනය කිරීමට සහ ගැටළු විසඳීමට උපන් හැකියාවක් තිබෙනවා.
🔰– ඉක්මන් කෝපය ➡️ රාක්ෂ ගණයේ අයට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා වෙන්න පුළුවන්. ඒත් ඒ කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ, ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වෙනවා.
🔴– රක්ෂ ගණයේ අය දැනගත යුතුම රහස් කිහිපයක්👇
🔰– රක්ෂ ගණයේ ඔබ, කරන දේ ගැන සහ ඔබගේ හැකියාවන් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා. ඒ වගේම අනුන්ගේ මතවලට වඩා තමන්ගේ හදවතට එකඟව වැඩ කරන්නයි ඔයා කැමති.
🔰– විවාහයේදී ගණ ගැලපීමේදී 💍දෙදෙනාම රාක්ෂ ගණයේ නම් එය ඉතා ශුභයි. දෙදෙනාගේම වේගය සහ අදහස් සමාන නිසා ගැළපීම වැඩියි.
🔰– ඒ වගේම රාක්ෂ ගණයේ අය මනුෂ්ය ගණයේ කෙනෙක් සමඟ විවාහ ගණ ගැළපීමේදී, මධ්යම මට්ටමේ පවතිනවා.
🔰– නමුත් දේව ගණයේ කෙනෙක් සහ රාක්ෂ ගණයේ කෙනෙක් අතර ගැළපීම ජ්යොතිෂයට අනුව අශුභ ලෙස සැලකෙනවා.. එකට හේතුව වන්නේ ඔවුන්ගේ ගතිගුණ හාත්පසින්ම වෙනස් වීමයි.
🔰– රක්ෂ ගණයේ අයගේ ඉක්මන් කෝපය නිසා සමහර වෙලාවට හොඳ අවස්ථාවන් මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා තීරණයක් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න.
🔰– ඒවගේම තමයි රක්ෂ ගණයේ ඔබ උපතින්ම නායකයෙක් වුණත්, වටේ ඉන්න අයගේ අදහස්වලටත් ඇහුම්කන් දීමෙන් ඔයාගේ ගමන තවත් සාර්ථක කරගන්න පුළුවන්.
🔴– අවසානවශයෙන්, ➡️ “ජ්යොතිෂයට අනුව ගණය කියන්නේ අපේ ස්වභාවයෙන් කොටසක් විතරයි. ඒ දේවල් නිවැරදිව තේරුම් අරන් අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්ම දේ!”
ඔයත් රක්ෂ ගණයේද? එහෙම නැත්නම් ඔයාගේ සමීපතමයෙක් රක්ෂ ගණයේද? එහෙනම් එයාටත් බලන්න මේක Share කරන්න, නැත්නම් ඔහු හෝ ඇයව පහළින් Tag කරන් යන්න ! 👇
ආයු✍🏻

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!