“අම්මව මගේ ළඟින් තියාගෙන එයා වෙනුවෙන් හැමදේම කරන්න ලැබුණු ඒ කාලේ හරිම ආදරණීයයි..” ජීවිතේ කවදාවත් නොදැණුනු ඒ තනිකම ගැන තිසුරි කිව්වේ මෙහෙම කතාවක්…

“අම්මව මගේ ළඟින් තියාගෙන එයා වෙනුවෙන් හැමදේම කරන්න ලැබුණු ඒ කාලේ හරිම ආදරණීයයි..” ජීවිතේ කවදාවත් නොදැණුනු ඒ තනිකම ගැන තිසුරි කිව්වේ මෙහෙම කතාවක්…

ගණනාවකට පස්සේ කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන ඉන්න තිසුරිට සිද්ධ වෙලා..

මේ තරම් කාලයක් තමන්ගේ උපන්දිනය දවසේ වැඩියෙන්ම සතුටු වුණු ඒ ආදරණීය චරිතය ඇගේ ජීවිතයෙන් සදහටම නික්මිලා මේ වෙනකොට ගත වෙලා තියෙන්නේ දින කිහිපයක් විතරයි..

ඇය දියණියක් , ආදරණීය දියණියක්.. මවගේ වගකීම් පවා තමන්ගේ කරමත පටවාගන්න තරම් ඇය ශක්තිමත් තැනැත්තියක් වුණා.. විටක හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් සුසන්තා චන්ද්‍රමාලි නම් වූ මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පැවසුවේ තමන්ගේ අසනීපයෙන් පසු තිසුරි ඇයට මවක් වෙමින් ඇය රැකගන්න උත්සාහ ගත් බවයි.. කොහොම වුණත්, අද වෙනකොට තිසුරි තනිවෙලා.. ඒ ඇගේ මව නැති ශෝකයෙන්..

දරුවෙකුට ඇගේ අම්මා කියන්නේම වටිනා සම්පතක්.. දැන් ඇගේ ලෝකයේ ඒ අඩුව සදාකාලිකවම තියේවි..

ජනප්‍රිය අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි, ඇයට ඇගේ මව දැනෙනවා ඇත්තේ කොහොමද..? ඕනම දුවෙක් ඒ කරුණ ළඟ ගොඩක් සංවේදීයි.. ඇයත් අන්න ඒ වගේ..

මේ මවගේ ඒ වියෝවට පෙර ඇයට මව දැනෙන හැටි ගැන තිසුරි කිව්ව ආදරණීය කතාවක්.. මවගේ රංගනය විතරක් නෙවෙයි, ඇගේ ජීවිතයේ දුක සැප හැම දෙයක්ම බෙදාගත් එකම මිතුරිය ගැන තිසුරි මිට ටික කාලෙකට කලින් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“සුසන්තා චන්ද්‍රමාලි කියන රංගන ශිල්පිනියට කිසිදවසක මට කිට්ටු වෙන්නවත් බැහැ. ඇය ඒ තරමටම ඇගේ අනන්‍යතාව ගොඩ නගාගෙන ක්ෂේත්‍රයේ සිටි කෙනෙක්. ඒ වගේම අම්මා රංගනයට ඇවිත් තියෙන්නෙ තනියම පාර හදාගෙන, අම්මගේ නමට හානි නොවන ආකාරයෙන් නමක් හදාගත් කෙනෙක් විදියට නිසාම මට කලාවේ රැඳෙන්න ලොකු ආරක්ෂාවක් තිබුණා…
ජීවිතය කලාවෙන් ආරම්භ කරපු අම්මා කලාත්මකව ඇගේ පවුල් ජීවිතය ඉතාම සුන්දරව අරගෙන ගිහින් තියෙනවා… අම්මාගේ ජනප්‍රියතම කාලේ තාත්තා විදෙස්ගත වෙලා ඉඳලා තියෙන්නේ.. අම්මා මගේ වැඩ කටයුතු නිසා සමහර නිර්මාණ අතහැරලා ලොකු කැපවීමක් කරලා තියෙනවා… ඒ වගේම තාත්තා නැති නිසා තාත්තාගේ කොටසත් මං වෙනුවෙන් කරන්න අම්මට සිදුවෙලා තියෙනවා.. අම්මා කොයි තරම් කටයුතු බහුල ජීවිතයක් ගත කළත් මගේ ජීවිතය එයාගේ හැමදේටම වඩා පළමු තැන කරගෙන තමයි කටයුතු කළේ.. එයා දවස පටන් ගත්තෙ මගේ ජිවිතයේ එදිනෙදා වැඩ කටයුතුවලට මුල් තැන දීලා..

කවදාවත් මට තාත්තවත්, අම්මවත් රංගන ක්ෂේත්‍රයට එන්න කියලා බලපෑම් කරලා නැහැ.. මට මගේ නිදහසේ මම කැමති විදියට ජීවිතය ගොඩ නගාගන්න අවසරය දීලා තිබුණා..
අම්මා ළඟ තිබුණු මම හුඟක් ආදරේ කරපු ගුණය තමයි මට ඇහුම්කන්දෙන එක.. අම්මා මොන වැඩක නිරත වුණත් මම මොනවා හරි කියන්න හදනකොට මාව ළඟට අරගෙන ඒක පුදුම සතුටකින් අහගෙන ඉන්නවා.. ඒ වගේම තාත්තා තමයි මගේ හොඳම විචාරකයා.. මගේ රංගනයේ අඩුපාඩු හොඳටම කියලා දෙන්න තාත්තට හොඳට පුළුවන්..
මම හුඟක්ම කැමති අම්මා වගේ චරිතයක් වෙන්න.. මගේ විවාහයේදී වුණත් අම්මා තාත්තා ලබා දුන් නිදහස ඉතාම ආදරණීයයි.. අම්මා ජීවිතයට අවශ්‍ය හැමදේම මට කියලා දීලා මාව ඇගේ ජීවිතයේම පැතිකඩක් විදියට ගොඩ නැගුවා.. අම්මා ගෘහිණියක් හැටියට දන්න හැමදේම මට ලබා දුන්නා.. අම්මාට රසට උයන්න පුළුවන්.. මොන කෑම හැදුවත් පුදුම රසක් ඒවායේ තියෙනවා..

හුඟක් අය මාව තිසුරි කියලා හැඳින්වූවාට මම කැමති සුසන්තාගේ දුව කියලා මාව හඳුන්වනවාට.. මොකද මම අම්මගේ කුසේ ඉද්දිම අම්මා මාව රංගනයට යොදාගෙන තියෙනවා.. කන්දෙ ගෙදර නාට්‍යයේ අම්මා රඟපාපු දරුවෙක් ලැබෙන්න ඉන්න චරිතය අනුව ඇත්තටම ඒ වෙන කොට මම අම්මගේ කුසේ ඉඳලා තියෙන්නේ.. ඒ නිසා මම ඒ කොටස් ටික බලපු වාර ගණන මටවත් මතක නෑ.. ඊට පස්සේ අවුරුදු පහේදි හයේදී වගේ මම රඟපාපු අවස්ථා තිබුණා.. නමුත් මං ආස අම්මා මාව හම්බ වෙන්න ඉද්දි අම්මා රඟපාපු ඒ දර්ශනවලට.. අද වන විට අම්මා පසුගියදා ඇතිවුණු අසනීප තත්ත්වය නැවතත් උත්සන්න වෙලා ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ..
මට අම්මව හුඟක් ආදරෙන් බලා ගන්න පුළුවන් වුණා පසුගිය අසනීප කාලේ මම ඒක පුදුම සතුටකින් කළේ.. අම්මව මගේ ළඟින් තියාගෙන එයා වෙනුවෙන් හැමදේම කරන්න ලැබුණු ඒ කාලේ හරිම ආදරණීයයි..

මමත්, මහත්තයාත් හුඟක් ආසාවෙන් ඉන්න දෙයක් තමයි අපි දෙගොල්ලන්ගේම මවුපියන් අපි ගාව තියාගෙන ආදරයෙන් බලාගන්න එක.. ඒක දරුවෝ හැටියට අපිට ලැබෙන ලොකු වාසනාවක්..”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *