දේශීය පුවත්

ලක් මව රනින් සරැසු ‘ටාවි ‘ ලංකාවට…

(ටී.කේ.ජී.කපිල )

වයස අවුරුදු 11 න් පහළ ලොව අංක 01ස්ථානයේ පසුවන , ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර , බහරේනයේ සහ කටාර් රාජ්‍ය වල පැවති තවත් ලෝක ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි දෙකක් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 02 ක් දිනා ගෙන අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .

බහරේන් හි ඉකුත් 14 දින සිට 18 දින දක්වා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දී වයස අවුරුදු 11 න් පහළ අංශයෙන් පළමු ස්ථානය දිනා ගෙන රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය .

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර 19 දින සිට 25 දක්වා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11 න් පහළ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී සිටියේය .

ටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

ඔහුගේ පුහුණුකරු ලෙස ටාවි සමරවීරගේ පියා වන හසිත සමරවීර කටයුතු කරන අතර ඔවුන් මෙම ජයග්‍රහණයන් රැගෙන 01/26 දින අලුයම 03.55 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීවරුන් උසස් පිළිගැනීමකට ලක් කළ අතර ,  ටාවි සමරවීරගේ මව , සහෝදරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපති දයා සමරවීර මහතා ඇතුළු  පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!