දේශීය පුවත්

මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇති බව සංචාරක ප්‍රවර්ධනකාර්යංශය පවසනවා.

ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 83,257 ක්.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිස වන එක් ලක්ෂ 80,414 දෙනෙකු රුසියාවෙන් පැමිණ තිබෙනවා.

තෙවැනියට සංචාරකයින් එක් ලක්ෂ 66,999 දෙනෙකු එක්සත් රාජධානියෙන් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයපැවසුවේ.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!