දේශීය පුවත්

සැර අව්වෙන් රටම ගිනියම් වෙයි. ඉස්සරහට තත්ත්වය තවත් දරුණු වේවිද ? මෙන්න ඒ ගැන…

ලංකාව ඇතුළු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා..

ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්..

පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි..

දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා..

එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට පතිතවන අතර සුළං ධාරාවන්වලද සැලකියයුතු අඩුවක් මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි..

ජල වාෂ්ප වායුගෝලයට එකතු වුවද වළාකුළු නිර්මාණයවීමේ ප්‍රවණතාව අඩුවීම මත මාර්තු අප්‍රේල් මාස දෙක තුළ මිනිස් සිරුරට දැනන උෂ්ණත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියා..

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතිනවා..

ඊයේ දිනයේ වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වූ අතර එය දැක්වුණේ සෙල්සියස් අංශක 36.7 ක් ලෙසයි..

මෙම තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ද ඉහළ යාමෙන් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා..

මේ අතර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසැල් බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!