සයුරෙන් එහා පුවත්

ටික්ටොක් තරු හඬා වැලපෙයි ! ටික්ටොක් වලට ඉස්සරහට වෙන්න යන පුදුම වැඩේ මෙන්න..

අමෙරිකාව තුළ ටික්ටොක් යෙදවුම භාවිතා කරන්නන් දස දහස් ගණනක් රෙඩ්නෝට් නම් චීන යෙදවුම වෙත මේ වන විට යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ටික්ටොක් මෙහෙයුම් පරිපාලනය අමෙරිකානු පරිපාලනයක් වෙත අලෙවි කිරීම හෝ අමෙරිකාව තුළ ටික්ටොක් ක්‍රියාකාරීත්වය තහනමකට යටත්වීමේ තීන්දුව ලබන 19 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත පසුබිමක් තුල ඔවුන් රෙඩ්නොට් වෙත යොමුවී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අමෙරිකාව තුළ සිය මෙහෙයුම් එරට ව්‍යාපාරිකයෙකු වෙත කිසිවිටකත් අලෙවි නොකරන බව ටික්ටොක් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් අමෙරිකාව තුළ මිලියන 170ක් වන ටික්ටොක් පරිශිලකයින්ගේ ඉරණම තීරණාත්මක වන පසුබිමක රෙඩ්නොට් නම් චීන යෙදවුම වෙත ටික්ටොක් පරිශිලකයින් යොමුවන බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!