බඩ පිපෙන්නේ ඇයි? බඩ පිපීම රෝගයක්ද? එය නැති කරගන්න හැටි

බඩ පිපෙන්නේ ඇයි? බඩ පිපීම රෝගයක්ද? එය නැති කරගන්න හැටි

උදරය වාතයෙන් පුරවා දැමීම නිසා ඇතිවන බඩ පිපුම තත්ත්වයට ඔයත් මුහුණදීලා ඇති. ගොඩක් වෙලාවට එදිනෙදා කටයුතු වලදී මේ තත්වය නිසා අපහසුතාවයට පත්වෙනවා. මෙහිදී බඩ පිම්බී පුරවා දැමීම, උදරයේ අපහසුව සමග ‘ගුරු ගුරු’ ශබ්දය නැගීම, මේ සමග උදර වේදනාවක්ද ඇති වෙනවා.

මෙම බඩ පුරවා දැමීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ වාත දෝෂයයි. ඒ වගේම මේ තත්ත්වය සමඟ ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන්ද තිබෙනවා.

බඩ පිපුමට හේතු මොනවාද?

ඇට වර්ග, තෙල් මිරිස් අධිකව යෙදූ ආහාර, කිරි ආහාර, සකස් කරන ලද වාතය කෝපවන ආහාර පානා අධිකව ලබාගැනීම
වේගයෙන් ආහාර ගැනීම, තද පිටි කෑම, අධික ප්‍රමාණයක් ආහාර ගැනීම, දේශයට කාලයට සෘතුවට අනුගත නොවන ආහාර පානා ගැනීම වැනි
අවිධිමත් ආහාර රටා අනුගමනය කිරීම
ආතතිය සහ අධික වෙහෙස
නිදි වැරීම
මළ මුත්‍රා අපහසුතා දිගු වේලාවක් දරාගෙන සිටීම

මේ රෝග තත්ත්වය ආශ්‍රිත අනෙකුත් රෝග ලක්ෂණ

ආහාර නොදිරවීමෙන් ඇති වන බඩ පිපුමේදී

උදරය පිම්බුණු ස්වභාවය
ශාරීරික අපහසුව
උදර වේදනාව
ගුදය මගින් වාතය පිටවීම
උගුරට ඒම
පපුව හිර කරන ස්වාභාවය

හරිහැටි මලපහ පිට නොවීම නිසා ඇති වන බඩ පිපුමේදී

යටි බඩ ප්‍රදේශයේ වේදනාව
කොන්ද කැක්කුම
ශාරීරික අපහසුව
වමනය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *