
ඉර උදාව: පෙ.ව. 06.25 ට, ඉර බැසීම: ප.ව. 06.23ට , අද දවසේ රාහු කාලය: ප.ව. 15.23 සිට ප.ව. 16.52 දක්වා
ලග්න පලාපල විස්තරය
මේෂ: ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන්ට අද ඉතා සුබ දවසකි. ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල හිමිවේ.
වෘෂභ: වැඩකටයුතු කිරීමේදී මතු වන බාධා සාර්ථකව ජය ගැනීමට ඔබට හැකියාව පවතී.
මිථුන: සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සෙම් රෝග වැළඳීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.
කටක: අද දවසේ ඔබේ ශරීර සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
සිංහ: තනිව කරන ව්‍යාපාර මෙන්ම හවුල් ව්‍යාපාරවලින්ද සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකියි.
කන්‍යා: අධ්‍යාපන කටයුතුවල නිරත අයට, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලට අද දවස ඉතා සුබයි.
තුලා: ජලය ආශ්‍රිත කටයුතු කිරීමේදී හෝ ජලාශ අසල ගැවසීමේදී වෙනදාට වඩා ප්‍රවේශම් විය යුතුය.
වෘශ්චික: මුදල් ගනුදෙනු, විශේෂයෙන්ම ණය ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන අයට අද දවස සුබදායකයි.
ධනු: මූල්‍යමය වශයෙන් වාසි සහගත දවසකි. මුදල් ආයෝජනවලින් ලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
මකර: ඔබට අද ඉතාමත් වාසනාවන්ත දවසක් වනු ඇත.
කුම්භ: අතේ ඇති මුදල් නිකරුණේ වියදම් වීමට ඉඩ ඇත. ඒ නිසා වියදම් පාලනය කර ගැනීමට වගබලා ගන්න.
මීන: විදේශ ගමන් බලාපොරොත්තු වන අයට හෝ විදේශ රැකියා සම්බන්ධ කටයුතුවලට අද දවස ඉතා සුබයි.



