දේශීය පුවත්

ඒ මව්පියන්ට තවත් සතුටක් කොහෙන්ද? මව්පියන්ගේ අඩිපාරේ ගිය දක්ෂ දරුවන් තිදෙනෙක් ගැන අද ඇසෙන කතාව මෙන්න

ඔහුට මේ සතුට කොහොම නම් දැනෙනවා ඇතිද..? තමන්ගේ දරුවන් තිදෙනාගේම අනාගතය දවසක මේ විදිහට විසඳේවි කියලා ඒ තාත්තාට හිතෙන්න ඇති..

ඔහු නමින් සමන්ත රාමනායක.. අහිංසක ලෙඩුන්ට නොමිලේ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙමින් විශාල සමාජ මෙහෙවරයක් කරන තැනැත්තෙක් ලෙස ඔහු ජීවත්වන ප්‍රදේශය තුළ රාමනායක වෛද්‍යවරයා ගොඩක් ප්‍රසිද්ධයි..

ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක්..

සමන්ත රාමනායක සහ මව වන චන්දිමා ජයසිංහ යන දෙදෙනාම බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වන අතර අද ඔවුන්ගේ දරුවන් තිදෙනා ලබාගත් ජයග්‍රහණය ගැන රටක් කතා වෙනවා..

ඒ මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව වීම නිසයි..

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වන අංජු රාමනායක,(19),අකිල රාමනායක(19) යන නිවුන් සොයුරන් සහ ඔවුන්ගේ අක්කා වන සදළි රාමානයක (21) යන තිදෙනා මේ දස්කම දක්වා ඇති බවයි එම විදුහලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!