දේශීය පුවත්

ගෙවුනු මතක එක්ක ඔහුගේ ජන්ම දිනය සිහි කරන දරුවන් ඔහු ගැන කී කතාව මෙන්න.

ඔවුන් කාලයක් නිහඬ වෙලා හිටියා.. සමහරවිට ඒ ඇත්තෙන්ම ඔවුන් කාර්යබහුල නිසා වෙන්නත් පුළුවන්..

ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පියා නැති අඩුවත් එක්කම ඔහු නැතුව කොහොම හරි ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බව ඔවුන් දැන සිටියා..

ඒත් මේ වගේ විශේෂ දිනයක් වසන්තගේ දරුවන් අමතක කරන්නේ කොහොමද..? ඒ අඳුරු මතකයෙන් ජීවිතයෙන් සමුගත් ක්ලබ් වසන්තගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා..

ඔහු අහිමි වුණ දුක ශෝකය එක්කම වසන්තගේ දරුවන් ඒ ගැන මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“සුභ උපන්දිනයක් වේවා අපගේ ආදරනීය තාත්තෙ. අද දිනය අප ඔබ නැතිව ඔබගේ උපන්දිනය සමරන ඉතාමත් ශෝකණීය දිනයකි. දරාගත නොහැකි දුකක් සමඟ ඔබහා ගෙවුනු සැම මතකයක්ම හිතේ දරාගෙන අද දිනය ඔබගේ උපන්දිනය සිහිකර ඔබ අපට උගැන්වු අයුරින්ම සැම වසරක් පාසාම සිදුකළ අපගේ උපකාර අවශ්‍ය පිරිසක් හට උපකාර කරා. අපට හොදින් උගැන්වා , ආරක්ෂාව ලබා දී මේ ස්මාජය තුල යහපත් පුද්ගලයන් බවට පත් කලාට ස්තුතියි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!