දේශීය පුවත්

රූ කිරුළක් වෙනුවෙන් විදෙස්ගතවුණු ඇය නොසිතූ මොහොතකදී සංවේදී වෙයි..

පසුගිය දිනක ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්වය ගැන ඔබ බොහෝ දෙනා දන්නවානේ.

රටක් විදිහට අපු ඒ අඳුරු මතකයේ ගිලී යද්දී, ඇය සිටියේ විදෙස්ගතවයි.

ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ලක් මාතාව නියෝජනය කරන තවත් එක් තරගයකට ඇය මුහුණදුන්න නිසයි. පසුගිය දිනෙක තායිවානයේදී පැවැත්වුණ “ෆේස් ඔෆ් බියුටි ඉන්ටර්නැෂනල්” තරගය සඳහා අපේ රට නියෝජනය කරමින් ඉදිරිපත් වුණ නිලූෂි පවන්‍යා, එහිදී ඇය “බෙස්ට් ටැලන්ට්” මිනි කිරුළ ජයග්‍රහණය කරනවා. ඒ සතුටට වඩා වැඩි දුකක් හිතේ තියාගෙන ඇය පසුගිය දිනක ලංකාවට එන්නේ රටේ පවතින ව්‍යයසනකාරී තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව නිසායි. ඉතින් ඇය ඔවුන්ට හැකි පමණින් ශක්තියක් වෙන්නත් වග බලාගෙන. මේ නිලූෂි ඒ ගැන පුවත්පතකට එක්කරලා තිබුණු සංවේදී කතාවක්.

ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ගැන ඔබ දැනගත්තෙ කොහොමද?

මට ඒ ගැන දැනගන්න ලැබුණෙ අවසන් තරගයට දවස් තුනක් ඉතිරිව තියෙද්දි. ඒ මොහොතෙ ඉඳන් මම මාරම ෆ්‍රෙෂර් එකේ හිටියෙ. ඇත්තටම මට ඇඬුණා. කොහේ ගියත් මම හිටියෙ හරිම අවුලෙන්. මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක දැනගත්ත ගොඩක් දෙනෙක් මාව අස්වසන්න උත්සාහ කළා.

ඔබේ ගෙදරටත් ගංවතුර තත්ත්වය බලපානවද?

වෙනදත් ටිකක් වැස්සත් අපේ ගේ පිටිපස්සෙ තියෙන කුඹුරු යාය වැවක් වගේ පිරෙනව. ඉතිං මට බය හිතුණෙ මේ තරම් දෙයක් රටට වෙලා තියෙද්දි අපේ ගෙදරත් යටවෙලා ඇති කියල. නමුත් මොකක්දෝ වාසනාවකට පවුලේ අයට කරදරයක් වෙලා තිුබුණෙ නැහැ.

තරගයට මුහුණදුන්නෙ ලොකු පීඩනයකින්?

ඔව්, ෆේස්බුක් තුළින් මිනිස්සු, සත්තු ගහගෙන යන වීඩියෝ දකිනකොට ෆෝන් එක දිහා බලාගෙන මම අඬනව. ඒ වෙලාවෙ කෙනෙක් මගේ ෆෝන් එක අරගෙන පැත්තකින් තිබ්බා. ලංකාවෙ මිනිස්සුන්ට කරදරයක් නේද කියල හොඳටම මට දැනුණෙ මම ලංකාවෙන් පිට හිටිය නිසාත් වෙන්න ඇති. ලංකාවෙ කියල කිසිම කෙනෙක් නැහැ. මම කාට කියන්නද, කාගෙන් අහන්නද, කොහේ යන්නද. ඇත්තටම මට ලංකාවට එන්න හිතුණා.

ලංකාවට ඇවිත් මොකද කළේ?

එහේ ඉන්නකොට මගෙ ඔළුවෙ නිතරම වැඩ කළේ මම ලංකාවට යන්න ඕන, ඒ අයට උදව් කරන්න ඕන කියල. පසුගිය 03 වැනිදා ඉඳන් අද වනතුරුත් ආධාර ලබාදෙන ඒවට මම උදව් කරනව. අම්ම කෝල් කර කර ගෙදර එන්න කියනව. නමුත් මම තවම ගෙදර ගියෙත් නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!