‘ දෙමළ සිනමා නිර්මාණකරුවෝ නළු නිළියන්‍ට සලකන්නේ වටිනා වස්තුවක් විදිහට..’ දමිල සිනමාව ජයගත් ලංකාවේ සප්නා පාදුක්ක කියූ කතාව මෙන්න

‘ දෙමළ සිනමා නිර්මාණකරුවෝ නළු නිළියන්‍ට සලකන්නේ වටිනා වස්තුවක් විදිහට..’ දමිල සිනමාව ජයගත් ලංකාවේ සප්නා පාදුක්ක කියූ කතාව මෙන්න

ජනප්‍රිය නිළි සප්නා පාදුක්ක,

මේ වෙද්දි දමිළ සිනමාවට සම්බන්ධව කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ඇය කියන විදියට ඇයට ඒ වෙනුවෙන් අවස්ථාව ලැබිලා තියෙන්නෙ, මියුසික් වීඩියෝවක් නිසාවෙන්…

”ත්‍රිකුණාමලයෙ දෙමළ ගායකයෙකුගෙ මියුසික් වීඩියෝවකට රංගනයෙන් මම සම්බන්ධ වුණා. ඒ මියුසික් වීඩියෝවේ මගේ රංගනය දැකලා යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ ඊලවානි 2023 වසරේදි මට ආරාධනා කළා ඔහුගේ දෙමළ චිත්‍රපටයක ගීතයක ප්‍රවර්ධන රංගනයකට. ඒ රංගනයත් සමග දෙමළ චිත්‍රපට නිර්මාණකරුවො අතර මාව ප්‍රසිද්ධ වීමත් සමග මෑතකදී රූගත කරපු ‘කාදල් ක්‍රයිම්’ දෙමළ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් මට රඟපාන්න ලැබුණා. ඒ වගේම තවත් දෙමළ චිත්‍රපට දෙකක රඟපාන්න මට මේ වෙද්දි ආරාධනා ලැබිලා තියනවා…”

සප්නා නම් කියන්නෙ, දමිළ සිනමා නිර්මාණකරුවන් නළු නිළියන්ට ඉහළ වටිනාකමක් දෙන බව…

”නළු නිළියන්ව වටින වස්තුවක් විදිහට දෙමළ සිනමා නිර්මාණකරුවො සලකනවා. විශේෂයෙන්ම නළු නිළියන්ගේ පහසුකම්, කෑමබීම, සතුට ගැන සැලකිලිමත් වනවා. නළු නිළියො අපහසුවෙන් අසතුටින් නම් ඉන්නෙ ඒ මොහොතෙදි රූගතකිරීම් නවත්තලා නළු නිළියන්ගෙ අවශ්‍යතා ගැන හොයලා බලලා නළු නිළියො යථා තත්ත්වයට පත්වුණාට පස්සෙයි ආපහු රූගතකිරීම් පටන් ගන්නෙ.”

සප්නාගෙ සූදානම දමිළ භාෂාව හොඳින් හදාරන්න.

ඒ කියන්නෙ ඉස්සරහට අපට ඇයව දමිළ නිර්මාණ රැසකින් දැකගන්න අවස්ථාව ලැබේවි…
”ටිකක් විතර දෙමළ පුළුවන්. දෙමළ අය කතා කරන දේවල් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ දේවල්වලට දෙමළෙන් උත්තර දෙන්න මම දන්නෙ නෑ. ලබන අවුරුද්ද වෙන්න කලින් දෙමළ හොඳටම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා…”

උපුටාගැනීම් : පිනිපලස | ලක්ෂාන් නිලංකගේ සටහනක් ඇසුරින්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *