ධුරයේ සිටියදී විවාහ වූ එරට පළමු රාජ්‍ය නායකයා වන්නේ ඔහුයි.. 62 හැවිරිදි අගමැතිට මංගල සීනු..

මේ කතාව ඇසෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ඔස්ට්‍රේලියාවේ අගමැති 62 හැවිරිදි ඇන්තනී ඇල්බනීස් විවහ දිවියට එළඹුණ පුවත මේ වෙද්දී ලොව පුරා සිටින සියළු දෙනාගේ කතාබහට ලක්වෙනවා.
ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ සිය දිගුකාලීන පෙම්වතිය 47 හැවිරිදි ජෝඩී හේඩන් සමඟ අතිනත ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. අගමැතිවරයා ජෝඩී හේඩන් සමඟ පෙම් සම්බන්ධතාව ආරම්භ වී ඇත්තේ 2020 වසරේදීයි.
අගමැති ධුරයේ සිටියදී විවාහ වූ පළමු රාජ්‍ය නායකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. වසර 2008 සිට 2011 දක්වා නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ලෙස කාමල් ටෙබූට් සමඟ මීට පෙර විවාහ වී සිටි අගමැතිවරයා 2019 වසරේදී ඇගෙන් දික්කසාද වී තිබුණා.
කැන්බරා අගනුවර පැවති අගමැතිවරයාගේ විවාහ මංගලෝත්සවයට ඔහුගේ පළමු විවාහයෙන් උපන් පුත්‍රයා ද සහභාගි වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඔහුගේ සමීපතම ඇමැතිවරු කිහිපදෙනකු ද එම අවස්ථාවට එක්ව තිබුණා..

Hiru Gossip



