දේශීය පුවත්

පන්නල ඛේදවාචකය – වැඩිහිටි නිවාසයක 11 ක් ගංවතුරේ ගිලී ම.රුට

දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස පන්නල පොලිස් වසමේ, නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් ජලයෙන් යටවීමෙන් එහි නේවාසිකව සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හදිසියේ ඇති වූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අනතුරට පත් වැඩිහිටි නිවාසයේ සිටි තවත් පුද්ගලයන් දහහතර දෙනෙකු දිවි ගලවා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.

පන්නල, මාකඳුර වෙල්කම් ගම්මානය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වැඩිහිටි නිවාසය ජල ගැල්මට හසුවන අවස්ථාවේදී එහි පුද්ගලයන් විසිපස් දෙනෙකු රැඳී සිට ඇති අතර, ඉන් පිරිසක් බේරා ගැනීමට හැකි වුවද ජල මට්ටම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් සෙසු පිරිස බේරා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මා ඔය පිටාර ගැලීමත් සමඟ ගිරිඋල්ල සහ මාකඳුර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, ගම්මානවල විශාල පිරිසක් නිවාස තුළ සහ වහල මත කොටුවී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

සහන කණ්ඩායම් ළඟා වීමේ යම් ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් ඇතැම් පිරිස් පෞද්ගලික බෝට්ටු යොදා ගනිමින් විපතට පත්වූවන් මුදා ගැනීමට කටයුතු කර ඇති බවත්, මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පන්නල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

 

 

gossiplanka image 1
gossiplanka image 2

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!