Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” නැති වෙන්න පැය ගාණකට කලින් මාලනී අක්කා චන්දිකට එන්න කිව්වා ටිකක් තුරුලු කරගන්න. ” මාලනී – චන්දික ගැන ඇසෙන ඔබ නොඇසූ කතාව මෙන්න

මම මීට දවස් දෙකකට විතර කලින් පුංචි පෝස්ට් එකක් දැම්මා ඇත්තම ඇත්ත කතාවක ඇත්ත කතාවක් කියන්න තියෙනවා කියලා. මම ඇත්තටම ඒ කතාව අද කියන්න ඕන කියලා හිතුවේ නෑ . අද කියන්න මට හේතුවක් හැදුනා. චන්දික නානායක්කාර කියන්නේ මගේ හොඳ යාළුවෙක්, සහෝදරයෙක් වගේ යාලුවෙක්.මම සාමාන්‍යයෙන් විවේක තියෙන බොහෝ වෙලාවල්වල චන්දික එක්ක කතා කරනවා. ඒක මාලනී අක්කා හොඳින් දන්නවා. එහෙම කතා කරන්න බැරි වෙච්ච කාලයක මාලනී අක්කා දවසක් මගෙන් ඇහුවා මොකෝ යාලුවත් එක්ක කතා කරේ නැත්තේ පහුගිය දවස්වල කියලා. චන්දික මාලනී අක්කව බලාත්තා හරි අපූරු විදිහට. මම දන්නවා පහුගිය කාලේ ඔහු නාට්‍ය කිහිපයක චරිතත් අත ඇරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාලනී අක්කව දවස් දෙකකට සැරයක් hospital. ගෙනියන්න කොච්චර නං සූදානම් වුණාද කියලා .මම දන්නවාඔහුගේ යුතුකම ඉතා ඉහළින්, ඔහුට කළ හැකි ඉතාම උපරිමයෙන් කලා කියලා. .මට මේ කතාව අද ලියන්න හේතුඋනේ ,මම අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා, එතකොට ඔහු හිටියේ ගෙදර. , මං ඇහුවා මොකෝ. දැන් මගේ වැඩ ඉවරයි ,මං කරන්න ඕන හැමදේම කරා අයියේ කියලා. .මට දැනුනා චන්දිකගේ කටහඬ හැඬුම්බරයි කියලා. මලනි අක්කා ,ගොඩක් අයව බලා ගත්තා. චන්දික මාලිනි අක්කව ඉතාමත්ම ආදරෙන් බලා ගත්තා. මේකට එකම එක සාක්ෂියක්. කියලා මං මේ කෙටි සටහන ඉවර කරලා දානවා ,නැති වෙන්න පැය ගානකට කලින් මාලනී අක්කා අන්තිමටම කතා කරපු වෙලාවේ කියනවා. චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න එයාට මාව ටිකක් තුරුලු. කරගන්න කියලා.
එච්චරයි. .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!