
මන්නාරම, ඉලුප්පකවෛයි වෙරළ සීමාවට ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණි බව අද දෙරණට වාර්තා වුණි.
එහි ධීවරයින් පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ මෙම ඩොල්ෆින් මසුන් රංචුව වෙරළ තීරයට පැමිණි බවය.
පයින් ගමන් කළ හැකි දුරක කලපු සීමාවේ අදාළ ඩොල්ෆින් මසුන් රංචුව පිහිනා යමින් සිටි බවද ධීවරයින් සඳහන් කළේය.
ධීවරයින් අසළ රැඳී සිටිමින් අදාළ ඩොල්ෆින් රංචුව පිහිනා ගිය බවත්, ඩොල්ෆින් මසුන් නැරඹීමට ප්‍රදේශවාසීන්ද එක්ව සිටින බව මෙහිදී දැකගත හැකි විය.



