
නිරූපණ ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට පා තබලා, දැන් සිනමා රංගන ශිල්පිනියක් විදියට කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්න මාෂි සිරිවර්ධන ගැන ආයෙත් අලුත් කතාවක් ඇති වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි ඇය ඇගේ මුහුණු පොතට එක් කරපු අලුත්ම පින්තූර පෙළ.
ඇය මේ පින්තූර වල ඉන්නේ හරිම ලස්සන මල් පොකුරක් අතින් අරගෙන. මල් වලටත් වඩා ලස්සන හිනාවකින් සැරසිලා ඉන්න මාෂිව දැක්කම රසිකයෝ අහන්න පටන් අරන් තියෙන්නේ “කවුද මේ මල් පොකුර එවපු වාසනාවන්තයා?” කියලා.
සමාජ මාධ්‍ය තුළ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් වුණු මාෂි, මෙවරත් තමන්ගේ රූප සෝභාවෙන් රසික සිත් ඇද බැඳ තබාගෙන තියෙනවා. ළා පැහැති ගවුමකින් සැරසිලා, හරිම චාම් විදියට ඉන්න මාෂිගේ මේ පින්තූර පෙළට දැන් විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ මාෂිගේ ඒ ලස්සන පින්තූර එකතුව.







