Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඉන්දියාවට ලතා කෙතරම් වේද, අපේ ලතා අපට එතරම් ම විය….!

රීටා ජෙනව් ප්‍රනාන්දු (1933-2025)

ගී රැජන ලෙස විරුද ලබන්නට ඇය සාකල්‍යෙයන්ම සුදුසු විය. ඇගේ පසුපසින් ගී ගැයූ ඇන්ජලින් ගුණතිලක මැතිනිය, සුජාතා අත්තනායක මැතිනිය, ආචාර්ය නන්දා මාලිනි වැන්නවුන්හට නොලැබුණු වාසනාවක් ඇයට හිමිව ඇත. එනම් අතිශය ජනප්‍රිය චිත්‍රපට ගීත දෙතුන් දහසක් පමණ ගායනා කරන්නට ලැබීමයි..

ඇගේ ගීතයක් නොඇසූ ශ්‍රී ලාංකිකයෙක් නොමැති තරම්ය.

ඇය සිනමා ගී ගයන්නී 1953 වසරේ ‘එදා රෑ‘ චිත්‍රපටයටයි. එදා චිත්‍රපටයට සම්බන්ධ කිසිවෙක් අද ජීවතුන් අතර නැත.

ඇගේ නම ලතා වන්නේ කලාගුරු සුසිල් ප්‍රේමරත්නයන් වෙතිනි. ඒ භාරත කෝකිලාව ලතා මංගේෂ්කර්ගේ හඬට සමාන හඩකින් ඈ ගායනයේ යෙදුනු නිසාය. එසේම ඇගේ ප්‍රේමතරගය ජයගන්නට ඉන්දියාවේ හේමන්ත් කුමාර්ගේ හඬ හිමිව තිබූ ධර්මදාස වල්පොල මහතාට හැකිවිය.

ඇය ගැයූ ගී ගණන විවාදාපන්නය. ගැයූ ගී ගණන ඇයවත් දන්නේ නැත.

ඇය සියලු ආකාරයේ සම්මාන දිනා ඇත.

දන්නා කාලයක සිට ඇගේ දුක සැප බැලූ එකම දේශපාලනඥයා සජිත් ප්‍රේමදාස මහතා පමණි.

ඇය අද නිදහසේ සැතපීමට දෙව්මවු තුරුලට ගොස් ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!