දේශීය පුවත්

මෙන්න ලංකාවේ හැමෝම දැනගත යුතුම පුවතක්! හෙට ඉඳන් පාසල් වලටත්, ගෙවල් වලටත් විශේෂ කණ්ඩායම් එනවා..

සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු රටටම ඉතාමත් වැදගත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 

ඒ තමයි මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට (10) සිට නිල වශයෙන් ආරම්භ කරන පුවත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වසර 10කට වරක්වත් මෙවැනි සමීක්ෂණයක් කළ යුතු වුවත්, ශ්‍රී ලංකාව මේ කටයුත්ත අඛණ්ඩව සිදුකරන රටවල් කිහිපය අතරට එක්ව සිටීම විශේෂත්වයක්.

හෙට සිට නොවැම්බර් මාසය දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මේ දත්ත එකතු කිරීම සිදු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම පාසල් දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු 10,000ක අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කෙරේ. පාසල් දරුවන්ගේ දත්ත පාසල් පරිශ්‍රයේදීම ලබා ගැනීමට නියමිතයි.

වැඩිහිටියන්ගේ දත්ත ලබා ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ඔබේ නිවසටම පැමිණෙනු ඇත.

ඔබේ නිවසට හෝ දරුවාගේ පාසලට පැමිණෙන මෙම වෛද්‍ය කණ්ඩායම් මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් පුරවා ගැනීමට සහ කුඩා මුඛ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතයි. මෙය ඉදිරි සෞඛ්‍ය සේවා සැලසුම් කිරීමට ඉතාමත් වැදගත් වන නිසා, ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ, මේ හරහා මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට විශාල පිටුවහලක් ලැබෙන බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!