දේශීය පුවත්

”මං උපාධිධාරියෙක්” – පාර්ලිමේන්තුවේදී සහතික පෙන්වා සජිත් කියූ කතාව

තමා උපාධිධාරියෙකු බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහතික පත්‍ර සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (18) කටයුතු කළා.

සිය උපාධි සහතිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු සිදු කළ කතාව මෙසේය.

“මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ළදරු පාසලට ඇතුළත් වූ අතර ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා. පසුව රාජකීය විද්‍යාලයට ගියා. මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ….. මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා…. ඉන් පසුව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා. ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට….

මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා. බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා. ඉන් පසුව අමෙරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා. නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා. ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා. ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළා….

නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 – 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒ මාස්ටර් උපාධියක් සඳහා. එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්. හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා…. කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!