සයුරෙන් එහා පුවත්

සටන් විරාම කඩ කරමින් ඉන්දු පකිස්තාන ආරවුල තවත් දුරදිග යයි.

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා.

ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති අතර නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් “දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටියද ඉන්දියාව විසින් සටන් විරාම ගිවිසුම කඩකර ඇති බවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10) ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව ඉන්දියාව සමග සටන් විරාමයකට එකඟ වූ බව, පාකිස්ථාන උප අගමැති ඉෂාක් ඩර් ​ද ඉන්දී​ය විදේශ අමාත්‍යවරයාද එය තහවුරු කර තිබුණා.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු – කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් 26 දෙනෙකු මියයෑමත් සමග ඉන්දියාව සහ පාකිස්ථාන අතර විරසක​ය යළි අලුත් වුණා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!