දේශීය පුවත්

🔥 අධිවේගී මාර්ගය කුණු බක්කියක් කළ රියදුරා අත්අඩංගුවට: නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයකින් අපද්‍රව්‍ය සහිත බෑගයක් මාර්ගයට විසි කළ රියදුරෙකු, එම අවස්ථාවේදීම අධිවේගී මාර්ග සංචාරක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. L 19Km කණුව ආසන්නයේදී සිදු වූ මෙම සිදුවීමට අදාළව, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදුව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් යාපනය, අල්වායි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මංමාවත් පනත යටතේ මාර්ගයට කුණු කසළ බැහැර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔහු හෙට දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය මගින් මගී ආරක්ෂාව සහ මාර්ගයේ පිරිසිදුභාවය වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරන පසුබිමක, මෙවැනි අවිනීත ක්‍රියා මගින් අනෙකුත් රියදුරන්ගේ ආරක්ෂාවට මෙන්ම මාර්ගයේ පිරිසිදුභාවයටද දැඩි තර්ජනයක් එල්ල වන බව පොලිසිය පෙන්වා දෙයි. විශේෂයෙන් වේගසීමා සහ අනතුරු ඇඟවීම් පුවරු මගින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කළද, මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවල නිරත වන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය තීරණය කර ඇත. පොදු දේපළ ආරක්ෂා කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග නීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!