තරු ගොසිප්

“එයා කරපු පිං එක්ක කොහේහරි සතුටින් ඇති..” සොනාලි ෆොන්සේකා ආදරණීය නැන්දනිය ගැන තැබූ සංවේදී සටහන මෙන්න

ජීවන අහසින් සමුගෙන ගිය ආකාස කුසුම , මාලනියගේ වියෝව ශ්‍රී ලාංකේය ජනතාවට අතිශය දුක්බර සිදුවීමක් වුණා…

ඇගේ සෙනහස ආදරය නොමදව ලැබූ සෙනාලි ෆොන්සේකා ඇය වෙනුවෙන් අද මෙලෙස සටහනක් සිය මුහුණු පොතට එකතු කර තිබුණා… ඒ මෙන්න මේ විදියටයි… .

පොඩි කාලේ ඉදන් මං ගොඩාක් මගේ දුක හංගන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්…

එලියට දුක පෙන්නන්නේ නැතිව හිනා වෙලා ඉන්න පුරුදු වුනු කෙනෙක්… අම්මා තාත්තාගෙන් පස්සේ මං දුක බෙදාගත්තේ, ජිවිතේ වෙන දෙවල්, මිනිස්සු මාව රිද්දන දෙවල්, අනිත් අයගේ ඔප දූප කිව්වේ නැන්දා එක්ක විතරයි…

ඒ වෙලාවට එයා මට බයින්න පටං ගන්නේ “මේ කෙල්ලට ටොක්කක් අයින්න ඕනේ” කියලා… එහෙම කිව්වේ තරහකට නෙවෙයි මගේ මොඩ වැඩ වලින් මාව එලියට ඇදලා ගන්න ඕනේ නිසයි කියලා මං දන්නවා…

කියන දෙවල් අහන්න මිනිස්සු දාහක් හිටියත් විශ්වාස කරන්න පුලුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි, එතනින් අම්මා තත්තාගෙන් පස්සේ මං වැඩිපුරම විශ්වාස කලේ නැන්දාව.

එත් දැං මං ඒ ඔක්කෝම බෙදාගන්නේ කාත් එක්කද අප්පා…

දැන් මට එයාලගට දුවලා ගිහින් හිතේ තියන දෙවල් කියන්න පුලුවන් උනානන්… එහෙනං මං දන්නවා මං ඒ ගෙදරින් එන්නේ ආයි පුදුම හිතේ ශක්තියකින්…

එත් කමක් නෑ, මං ආත්මාර්ථකාමී වෙන්නෙ නෑ, මගේ පුද්ගලික හේතු වලට මං නැන්දාට වද දෙන්නෙ නෑ… මේ හැමදේකින්ම දුර ඉන්න එකමයි හොද, එයා කරපු පිං එක්ක කොහේහරි සතුටින් ඇති…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!