තරු ගොසිප්

‘කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා, කෝල් කරලා චරිත ඉල්ලලා නෑ. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත” – ඩිශ්නි රාජපක්ෂ

නිතර නිතර නිර්මාණ තුළින් දකින්න නොලැබෙනවා වුණත්, ඩිශ්නි රාජපක්ෂ කියන්නෙ කාගෙත් මතකයේ රැඳුණු අපූරු තාරකාවක්.
දක්ෂතාවය සේ ම ජනප්‍රියත්වයත් එක්ක බබළන ඈ රංගන ශිල්පිනියක් වනවා විතරක් ම නෙවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක් ද වනවා.
කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ඩිශ්නි, මෙතෙක් තමන් ආව ගමන ගැන පහුගිය දවසක මෙලෙස අදහස් දක්වලා තිබුණා.
”ගොඩක් සතුටුයි. මට දුර්ලභ අවස්ථාවන් හම්බවෙලා තිබෙනවා කියලා මට හිතෙනවා.
රංගන ජීවිතයේ මට ලැබිච්ච ලොකුම භාග්‍යයක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මයාත් සමග ඔහුගේ අන්තිම චිත්‍රපටය වන සීරුවෙන් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම.
ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ දේවි කුසුමාසන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් මට මේ ආපු ගමන ගැන හැරිලා බලනකොට නර්තනය වගේම රංගනය ගැනත් දක්ෂතා දක්වලා තියෙනවා.
මම කිසිම දෙයක් ගැන පස්සෙන් පන්නලා කිසිම දෙයක් හොයාගෙන ගියපු කෙනෙක් නෙමෙයි. මට හම්බවුණ වැඩේ විතරක් හොඳින් කරන්න මහන්සි වුණ කෙනෙක්.
කිසිම දෙයක් බලෙන් ලබාගන්න ගිය කෙනෙක් නෙමෙයි. එතකොට මේ හම්බවුණ සියලුම දේවල් මම මට හම්බවුණ වැඩකටයුතු හරියට කරපු හින්දා හම්බවුණ දේවල් කියලයි විශ්වාස කරන්නේ. ඒ නිසා මට හරිම සතුටුයි.
කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා ඔවුන්ට කෝල් කරලා චරිත ඉල්ලලා නැහැ. ඒ හින්දා මට සතුටුයි. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත. මේ හැමදේම කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්.”
උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!