Uncategorized

ඇඟිලි පුරුක්, බෙල්ල, ඉකිලි, කිහිලි කළු වෙලානම් මෙන්න… නිවසේදීම පහසුවෙන්ම කරන්න පුළුවන්…

 

 

මුහුණ කෙතරම් පැහැපත් වුවත් බෙල්ල අවට අවපැහැ වීම බොහෝදෙනාට ගැටළුවක් වෙලා තිබෙනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ එම ගැටළුවට නිවසේදීම කල හැකි පහසු ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

01. ලෙමන් – සමේ අව පැහැ ගතිය මකා දමා සමට පැහැපත් බවක් මින් ලබාදිය හැකියි. දෙහි ලෙල්ලක් බෙල්ලෙ අතුල්ලා ගැනීමෙන් හෝ කැමැති නම් රෝස වතුර මුසුකර ආලේප කළ හැකියි.

02. පොල් තෙල් – සමේ නිරෝගී බවට පමණක් නොව පැහැපත් බවටද භාවිත කළ හැකි සත්කාරයක්. බෙල්ලෙ අවපැහැ ගැන්වීම්වලට මෙයද කදිම සත්කාරයක්.

03. පිපිඤ්ඤා – පිපිඤ්ඤා යුෂ ආලේප කිරීමෙන්ද සමේ අවපැහැ ගතිය ඉවත් කළ හැකිය.

04.රෝස වතුර – අවපැහැ වූ බෙල්ල රෝස වතුරින් සෝදන්න. රෝස වතුර සමඟ කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර බෙල්ලේ ආලේප කර හොඳින් අතුල්ලා සෝදා හැරීමත් කළ හැකිය.

05. පැණි – සම පැහැපත් කිරීමට මෙයත් කදිම සත්කාරයක්.

06. කෝමාරිකා යුෂ – කෝමාරිකා යුෂද සමට සිසිල හා පැහැපත් බව ගෙනෙන ඖෂධීය සත්කාරයකි.

07.ලෙමන් හා පිපිඤ්ඤා – ලෙමන් හා පිපිඤ්ඤා යන්න ස්වාභාවික පිරිසුදු කාරකයන්ය. මේවා තලෙළු සමට ගැල්වීමෙන් පැහැපත් බවක් ලබාගත හැකියි. 08

08. මී පැණි හා ලෙමන් – මේවා මිශ්‍රකර බෙල්ලෙ ආලේප කර පැහැපත් බවක් ලබා ගන්න.

09. හාල් සේදු ජලය – හාල් සෝදාගත් ජලය ඉවත් නොකර බෙල්ලෙ ආලේප කර අවපැහැ වූ සමට සත්කාරයක් ලෙස භාවිත කරන්න.

10. අල යුෂ – අල යුෂ, බටර් හා ලෙමන් බින්දු කිහිපයක් මුසුකර සාදා ගන්නා ආලේපය, අවපැහැ බෙල්ලට කදිම සත්කාරයක්

11. රෝබෙරි හා ගස්ලබු – මෙම මිශ්ණයද බෙල්ලට සුදුසු සත්කාරයක්.

12. විනාකිරි – විනාකිරි කොටස් 1ට ජලය කොටස් 2ක් මිශ්‍රකර එම ජලයෙන් සෝදා හැරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

13.අන්නාසි හා කෙසෙල් – මේ මෘදු හා පැහැපත් බවට අන්නාසි හා කෙසෙල් කදිම ආලේපයක්.

14. ඔලිව් තෙල් – ඔලිව්තෙල්වල අඩංගු පෝෂණය නිසා සම පැහැපත් කිරීමේ ගුණයද එය සතුයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!