සයුරෙන් එහා පුවත්

අබිරහසක් ඉතුරු කරමින් තානාපතිවරයෙක් ජීවිතයෙන් සමුගනී..

 

 

මේ ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්. ඔහුගේ මරණය අවසානයේ අබිරහසක් ඉතිරි කළ සිද්ධියක් බවට පත්වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

ප්‍රංශයේ දකුණු අප්‍රිකානු තානාපති නෙති එමත්තෙත්වා පැරිස් නුවර සුඛෝපභෝගී හෝටලයක් අසල අබිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

58 හැවිරිදි තානාපතිවරයා අතුරුදන් වූ බවට පසුගිය සඳුදා ඔහුගේ බිරිය පොලිසියට පැමිණිලි කර ඇති අතර, තානාපතිවරයාගේ මළ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි පැරිස් නුවර හයාට් රීජන්සි කොටලය අසලදී පොලිස් නිලධාරින් සොයා ගනු ලැබුවේ ඊට පසු දින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

දකුණු අප්‍රිකානු තානාපතිවරයා එම හෝටලයේ 22 වැනි මහලේ පිහිටි කාමරයක නවාතැන් ගෙන සිටි බවත්, එම කාමරයේ ආරක්ෂිත කවුළු විවෘත කර තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

තානාපතිවරයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, එය සියදිවි හානි කරගැනීමක් විය හැකි බව අනුමාන කරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!