තරු ගොසිප්

එන්න එන්නම තරුණ වෙන ඇයව මතකද

| රංගන ශිල්පිනි වින්ද්‍යා මධුෂංකනී රාජගුරු |
කලක් ජනප්‍රිය තලයේ සිටි රංගන ශිල්පිනියක වන, වින්ද්‍යා මධුෂංකනී රාජගුරු ඔබට මතකද.
මේ පිංතූරවල ඉන්නෙ ඇය.
බැලූ බැල්මට පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා නේද…
ඔව්… ඒ කාලේ අපි පුංචි තිරයේ නිළියක් හැටියට දැක්ක ඈ දැන්, ව්‍යායාම උපදේශිකාවක් (personal trainer)
අවුරුදු 17ක පමණ රංගන දිවියට සමුදීලා, අවුරුදු 10ක පමණ කාලයක පටන් ඇය වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල.
පුංචි තිරයේ නිළියක් හැටියට විතරක්ම නෙවෙයි, ඇය රූපවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා.
එදා අපිට හුරුපුරුදු ඇගේ රූපය, දැන් ඊට හාත්පසින්ම වෙනස්.
වින්ද්‍යා මධුෂංකනී, දැන් නිර්මාණ තුළින් අපේ ආලින්දයට නාවට ‘Vindy Wenqulanbergh’ ෆේස්බුක් පිටුවට පිවිසුණොත්, සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිතයක් වන ඇයව ඔබට දැකගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි ඇය වගේම හැඩට ඉන්නත්, යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නත් ඇයගෙන් ඔබට උපදෙස් ගන්න පුළුවන්.
වින්ද්‍යා මධුෂංකනී ගැන මතකය මේ විදියට අලුත් වුණේ, ඇය පැරණි ටෙලිනාට්‍ය සම්බන්ධ ෆේස්බුක් සමූහයක තබන ලද සටහනක් නිසාවෙන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!