දේශීය පුවත්සුව අරණ

ඔබටත් මෙම රෝග ලක්ෂණ තියෙනවා නම්, තවත් බලන් ඉන්න එපා… දැන්ම ප්‍රතිකාර ගන්න.

මොළයේ නහර පිපිරිම ගැන ඔබ අසා තිබෙනවද ? ඇත්තටම මේ කියන්නේ මොළයේ ලේ කැටි ගැසීම ගැන.

මෙම රෝගය ඉතාමත් භයානක රෝගයක්. ඒකට හේතුව වෙන්නේ මොළයේ නහරයක් පිපිරුණාම විනාඩි 03 ක් 04 ක් ඇතුළත මොළයේ සෛල මැරෙන්න පටන් ගන්නවා.

මෙන්න මේකට ක්ෂණික ප්‍රතිකාර ලබා ගන්න බැරි වුණොත් ස්ථිර ආබාධයක් හෝ මරණය පවා සිදු වෙන්නට පුළුවන්.
ඔබටත් මේ කියන රෝග ලක්ෂණ පවතිනවාද කියලා බලන්න.

1.0. ඇගේ පැත්තක් පණ නැතිවෙනවා…..එහෙමත් නැත්තම් හිරිවැටෙනවා.
2.0. කතා කරන්න අමාරුයි ,කතාව පැටලෙනවා.
3.0. එළිය දිහා බලන්න අමාරුයි.
4.0 එක පාරටම ඔලුව පැලෙන්න වගේ දරුණු හිසරදයක් එනවා.
5.0 එක පාරටම සිහිය නැති වෙන්න යනවා.

මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබත් වහාම ප්‍රවේශම් විය යුතුයි. ඒ මන්ද කියනවා නම් ඔබත් මොළයේ ලේ කැටි ගැසීමේ රෝගයට ගොදුරු වෙන්නට පුළුවන්.

විශේෂයෙන්ම මතක් කරන්නට ඕන අධි රුධිර පීඩනය තියෙන අයට මේ රෝගය හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි.
ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය ,කොලෙස්ටරෝල් ,ඔළුවට වෙන දරුණු තුවාල වලින්ද මේ රෝගය ඇති වෙන්න පුළුවන්.

ඇත්තටම කිව්වොත් මේ රෝගය ඇති වීම වළක්වා ගන්න පුළුවන්.

1.මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
2.ප්‍රෙශර් මට්ටම පරික්ෂා කර ගැනීම.
3.දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කර ගැනීම .
4.වසරකට වරක් සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් සිදු කර ගැනීම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!