Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගෙදර සින්ක් එක හිර වුනාම සුද්ධ කරන්න පහසුම වේගවත්ම ලාබම වැඩේ මෙන්න.. ඔයාටත් දවසක වැදගත් වෙයි. බලන්න

භාජන සෝදන අතරතුරේ සින්ක් එකේ වතුර පහළට නොයා හිර වුණාම එපා වෙනවා නේද? එහෙම වතුර උඩට එනවා කියන්නේ සින්ක් යටට සම්බන්ධ බටය තුළ හිරවීමක් තියෙන බවයි. මේක සිද්ධ වෙන්නේ කල්පනාකාරී නොවී විවිධ දේවල් සින්ක් එකේ සෝදන නිසායි. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ පයිප්ප ඇතුලේ තෙල් තැන්පත් වෙලා එයින් වතුර පහළට ගලන එක නවතින නිසායි. අපි තෙල් සහිත භාජන සෝදද්දී ඒවා වතුර වගේ සින්ක් එක ඇතුළට ගියාට පයිප්ප ඇතුලෙදී මිදිලා බ්ලොක් වෙනවා. ඒ වගේම උයද්දි අයින් කරන එළවළු කොටස්, කරපිංචා රම්පා වගේ පිඟන්වල ඉතිරි වෙන දේවල් සහ කෑම ජාති වුණත් මේ විධියට පයිප්ප ඇතුලෙ තියෙන නැවීම්වල නැවතිලා වතුර ගලන එක බ්ලොක් කරනවා. මෙහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ? ජලනල කාර්මිකයෙක්ට කතා කරනවාද? නැත්නම්, රසායනික ද්‍රව්‍යයකින් සින්ක් එක සුද්ධ කරනවාද?

ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ මේ රසායනික ද්‍රව්‍යවල කොච්චර අහිතකර දේවල් අඩංගු වෙනවාද කියලා. ඒවායෙන් අපේ සමේ ආසාදන වගේම, රසායනික ආශ්වාස වුණොත් ශ්වසන අපහසුතාත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අද වීඩියෝවෙන් අපි කියාදෙන්නේ ගෙදර තියෙන දේවල් වලින්ම සින්ක් එකේ සිරවුණු දේවල් පහසුවෙන්, ඉක්මණින්ම අයින් කරගන්නා හැටියි.

මේකට අවශ්‍ය වෙන්නේ උණු වතුරයි, මේස ලුණුයි විතරයි.
කෝප්ප බාගයක් ලුණු කුඩු අරගෙන සින්ක් එකේ වතුර බහින තැන ඇතුලට ඒ ටික දාන්න. දැන් වතුර ලීටර් දෙකක් බුබුළු නැගීම පටන් ගන්න මට්ටමට උණු කරගෙන සින්ක් එක ඇතුලට යන විධියට සෙමින්, පරිස්සමට වක් කරන්න. තෙල් හිරවෙලා තියෙන වෙලාවල් වලදි මේ උණු වතුර සහ ලුණු ඒවාත් සෝදගෙන සින්ක් එක සුද්ද කරගෙන පහළට යාවි. වතුර සම්පූර්ණයෙන්ම පහළට ගියපු බව තේරුණාට පස්සේ වඩාත් තහවුරු වෙන්න තවත් උණු වතුර ටිකක් ඒ විධියටම වත් කරන්න.

ලුණු වෙනුවට අවශ්‍ය නම් රෙදි සෝදන කුඩු – ඩිටර්ජන්ට් පාවිච්චි කරන්නටත් පුළුවන්. හැබැයි එතකොට නම්, කලින් ප්‍රමාණයටම වතුර උණු කරගෙන ඩිටර්ජන්ට් නුත් ඒකට කළවම් කරන්න. ඊට පස්සේ සින්ක් එකට වත් කරන්න. උණු වතුරෙන් මිදුණ තෙල් උණු වෙලා ඩිටර්ජන්ට් වලින් වතුරේ ඒ තෙල් දිය කරලා බටය සම්පූර්ණයෙන්ම සුද්ධ කරනවා. හැබැයි මේකෙන් හරි ගියේ නැත්නම් ඒකෙන් කියවෙන්නේ එළවළු, කෑම කැබලි පයිප්පයේ සිරවෙලා තිබෙන බවයි. එතකොට නම් පයිප්පය වෙනම සුද්ධ කරන්න වෙනවා.

(තඹරු විජේසේකර)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!