දේශීය පුවත්
“තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට කූඹියෙකුටවත් කරදරයක් නොකරන ළමයෙක් ඔයා…” – කඩුගන්නාවේ ඛේදවාචකයෙන් සමුගත් තරුණයෙකු ගැන ඇහෙන, හද සසල වෙන කතාව…

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?
සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?
අද උදේ සිදුවුණු ඒ වගේ විපතකින් ජීවිත 06ක් නැති වුණා.
පහළ කඩුගන්නාව ප්රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අහිමි වුණු ජිවිත සොයන ඒ මෙහෙයුම අද රෑ වෙනකම්ම සිදුවුණා.
ඒ අතර මේ අනතුරින් අහිමි වුණු තරුණ ජිවිතයක් ගැන අතිශය සංවේදී සටහනක් මුහුණු පොතේ හුවමාරු වෙනවා.




