දේශීය පුවත්
” කෛලාෂ් බබාගෙ පළමු නත්තලේ මතක, ඉපදිලා දවස් 23යි ” බලන්නකෝ කාගේත් සිත් දිනා ගත් ඒ නත්තල් සැමරුම.

කලා ලෝකයේ හැමෝම ආදරය කරන මාධවී ඇන්තනිට සහ ඇයගේ සැමියාට මේ අවුරුද්දේ නත්තල හරිම විශේෂ එකක් වුණා.
ඒකට හේතුව තමයි, ඔවුන්ගේ කැදැල්ලට ආපු පුංචි කුමාරයා, කෛලාෂ් බබාගේ පළමු නත්තල් සැමරීම මේ වසරට යෙදී තිබීම.
මාධවී තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කරලා තිබුණු ඡායාරූප පෙළක් දැන් අන්තර්ජාලයේ කාගෙත් අවධානය දිනාගෙන තියෙනවා. මුළු පවුලම ඉතාමත් චාම් ඒත් ලස්සන විදිහට මේ නත්තල සමරලා තිබුණා.
විශේෂයෙන්ම පුංචි කෛලාෂ් ලස්සන නත්තල් ඇදුමක් ඇඳලා ඉන්න හැටි දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතේ ආදරයක් ඇති වෙනවා නොඅනුමානයි.
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ නික්ම යාමෙන් පසුව, ඒ අඩුව පුරවන්න ආපු මේ පුංචි මුණුබුරා මුළු පවුලටම ලොකු සතුටක් අරගෙන ඇවිත් තියෙනවා. නත්තල් ගස ළඟ ඉඳන් මාධවී සහ මිලාන් පුංචි පුතාව වඩාගෙන ඉන්න ඡායාරූපවලින් පෙනෙන්නේ ඔවුන් මේ මොහොත කොතරම් ආදරයෙන් විඳිනවාද කියන එකයි.







