
“මම Dish washer කෙනෙක් විදිහට අවුරුදු දෙකකට වඩා වැඩ කරනවා දැන්.අදටත් සමහර දවස්වලට ඇඬෙන්න වැඩ තිබ්බත් කිසිම මහන්සියක් නැතිව කරනවා ජොබ් එක.Dish washing කරලා හරියටම මාස හයෙන් පස්සේ මාව කිචන් හෙල්පර් කෙනෙක් විදිහට වැඩට ගත්තත් මම ඒකට බෑ කියනවා.
මම මේ රස්සාව ම කරන්නම් කියලා එයාලට කියන්නේ,මට හොටෙල් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ආසාවක් නැති නිසා.මගේ බලාපොරොත්තුව ලංකාවේ ඉන්න එක.ඉගෙන ගත්තනම් වලං හෝදන්න වෙන්නේ නෑ,කියන අයට කියන්නේ ඉගෙන ගෙනත් වලං හෝදන අය ඉන්නවා.හැබැයි වැදගත් වෙන්නේ උනන්දුවයි,උත්සාහය, කැපවීමයි එක්ක තමන්ගේ දියුණුව කරා යන එක.
අද වෙනකොට මම ඒ දේ කළා වගේම ගොඩක් අයගේ ආදරය,ආශිර්වාදය දිනාගෙන තියෙනවා.ඉතිං සමහර අය කියන වළං හෝදන කෙල්ල ආපු ගමන සාර්ථකයි!
-Manesha Fernando-



