දේශීය පුවත්

උගුරේ ආපු ගෙඩියක් මුළු ජීවිතයම උදුරා ගත්තා!” – රෝගී වූ ස්වාමියා අතහැර දමා ගිය බිරිඳට මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන ආයාචනයක්.. මුහුණු පොතේ සැරිසරන සංවේදී සටහන..

මහරගම අපේක්ෂා රෝහලේ ගිලන් ඇඳක් මත මරණයත් එක්ක සටන් වදින, වයස අවුරුදු 35ක අසරණ තරුණ පියෙකුගේ පපුව පැලෙන කතාවයි මේ.

“මල්ලි… මට මගේ පොඩි එකාව බලන්න මම හරි ආසයි බන්… මම කියන දේ පොඩ්ඩක් FB එකේ දානවද මගේ නෝනට පේන්න?”

මීට සති දෙකකට කලින් මගේ තාත්තාව බලන්න මහරගම පිළිකා රෝහලට ගිය වෙලාවේ මට මේ තරුණයාව හමු වුණා. මම මගේ තාත්තා වෙනුවෙන් කරන කැපකිරීම් දිහා ඔහු හැමදාම බලාගෙන ඉන්නේ කඳුළු පිරුණු දෑසින්. පස්සේ දවසක මම ඔහු ලඟින් වාඩි වෙලා කතා කරද්දී තමයි මේ සංවේදී කතාව හෙළි වුණේ.

ඔහු වෘත්තියෙන් ත්‍රීවීල් රියදුරෙක්. මීට අවුරුදු 4කට කලින් උගුරේ ආපු පුංචි ගෙඩියක් අද ඔහුගේ මුළු ශරීරයම වෙලාගෙන. මුල් කාලේ බිරිඳ නිතර රෝහලට ආවත්, පස්සේ ඇය ඔහුව අතහැර දමා ගොස් තිබෙනවා. අද ඔහුට ඉන්නේ රෝගී වූ මවක් පමණයි.

ඔහුගේ බිරිඳ වෙනත් අයෙකු සමඟ විදේශගත වී ඇති බව ආරංචි වුවත්, මේ අසරණ මිනිසා ඇයට වෛර කරන්නේ නැහැ.

“කමක් නෑ බන්, මම නිසා ඇය දුක් විඳින්න ඕනේ නෑ… මම හිත හදාගත්තා…” ඔහු එහෙම කිව්වත්, ඒ පාලු ඇස් දෙකේ තිබුණු කඳුළු ඇතුළේ ලොකු වේදනාවක් තිබුණා.

ඔහුට තියෙන එකම එක ආසාව, තම අවුරුදු 2ක දූ පැටියව අවසන් වරට එකම එක වතාවක් දැකගන්නයි!

නෝනා, ඔබ කොහේ සිටියත්… මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ ඉල්ලීම ඉටු කරන්න. මේ මනුස්සයා මේ ඉල්ලන්නේ රත්තරන් රිදී නෙමෙයි, තමන්ගේම ලේ වලින් උපන් දරුවා අවසන් වරට දකින්නයි.

ජීවිතයත් මරණයත් අතර සටන් වදින ඔහු දවසින් දවස දුර්වල වෙනවා. ඔහු මියයන්නට පෙර ඒ පුංචි දියණියව පෙන්වන්නට තරම් කාරුණික වන්න.

මෙය දකින ඔබ සැමගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා, හැකි තාක් මෙය Share කරන්න.

සමහරවිට මේ පණිවිඩය ඇගේ ඇස ගැටේවි. පියෙකුගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරන්නට ඔබත් ශක්තියක් වන්න!
උපුටා ගැනීම – මුහුණු පොතෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!