සයුරෙන් එහා පුවත්

මේ පුංචි හිත්වල තියෙන මනුෂ්‍යත්වය අපිටත් ලොකු පාඩමක්…

මේ පුංචි හිත්වල තියෙන මනුෂ්යත්වය අපිටත් ලොකු පාඩමක්!
මිසෝරාම්වල ජීවත් වෙන අවුරුදු 6ක ඩෙරෙක් (Derek) දවසක් බයිසිකල් පදිද්දී වැරදීමකින් අසල්වැසියෙක්ගේ කුකුළු පැටියෙක්ව බයිසිකලේට අහුවෙනවා. වෙන ළමයෙක් නම් බයට එතනින් පැනලා යන්න තිබුණා, ඒත් මේ පුංචි පුතා කළේ වෙනස්ම දෙයක්.
තමන් ලඟ තිබුණු එකම සේසත වුණු රුපියල් 10ත් අරගෙන, තුවාල වුණු කුකුළු පැටියව රෝහලට අරන් ගිහින් දොස්තරලට බැගෑපත් වෙලා තියෙනවා කොහොමහරි කුකුළව බේරලා දෙන්න කියලා.  රෝහලට අරන් යනකොටත් ඒ සතා මැරිලා හිටියත්, ඩෙරෙක් පෙන්වපු ඒ ආදරය සහ වගකීම මුළු ලෝකයේම අවධානය දිනාගත්තා.
මේ උතුම් ක්රියාව අගය කරලා PETA ආයතනයෙන් පවා ඔහුට විශේෂ සම්මානයක් පිරිනැමුවා. ඇත්තටම මනුෂ්යත්වය කියන්නේ ඉගැන්විය යුතු දෙයකට වඩා උපතින්ම හදවතේ තිබිය යුතු දෙයක් කියලා ඩෙරෙක් අපිට මතක් කරලා දෙනවා.
මනුස්සකම පිරුණු මෙවන් පුංචි දරුවන් ලෝකයටම ආදර්ශයක්!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!