Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ සxගීත් තැබු සටහන මෙන්න…

නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ
නගින වාහනේට දොර ඇරලා දුන්නා කියලා ලැජ්ජා වෙන්නේ නෑ
මොකද අපේ ලොකු කම් ඕකොම දරාගෙන
බඩගිනි කියන කියන පාරට අහක බලන්නේ නැතුව මොනවා හරි හදලා දෙන්නේ ඒ අත් දෙකෙන්
ගුලි ගහලා දාන රෙදි ඉබේ හේදිලා නැමිලා අල්මාරියට එන්නේ ඒ අත් දෙකෙන්
ගෙවල් උනාම වැලි කැටයක් නැති වෙන්න ඕනි බං කියල වෙන උන්ට පොර ටෝක් දෙන අපි , ගෙදර එනකොට ඉබේ අතු ගෑවිලා ක්ලීන් වෙලා තියෙන්නේ ඒ අත් දෙකෙන්
අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කිව්වම
කකුලේ ඉදන් මිරිකන්නේ තවන්නේ ඒ අත් දෙකෙන්
මොන වැඩේ කරලා කීයට ගෙදර එනවා කිව්වත්
එකට කන්න බලන් බඩගින්නේ බුදියන්නෙ නැතිව බලන් ඉන්නේ ඒ උබේ ගෑනිනං
දන නමන්න නෙමෙයි දන ගහලා වැන්දත් පව් නෑ
මොකද අන්තිමේ
උඹට ඉන්නේ එයයි
එයාට ඉන්නේ උඹයි
විතරයි මචං

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!