ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ ගැඹුරින් මුල් බැසගත් පවුලකින් පැවත එන ශ්‍රැති හාසන් යනු ආකර්ශනීය චිත්‍රපට පෙළක් ඔස්සේ සිනමා කර්මාන්තය තුළ හොඳ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගත් නිළියකි. සිය පවුල් පසුබිමෙන් ඇයට ලැබෙන වත්කම්වලට අමතරව විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ ඇගේ වෘත්තිය ජීවිතය තුළ ඉතා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.
ඒ නිසාම ඇය ගත කරන්නේ ඉතා ශක්තිමත් හා ස්වාධීන ජීවිතයකි. එය සෑම තරුණියකටම කාන්තාවටම එක සේ වැදගත් වුවත් ශ්‍රැති පවසන ආකාරයට එය ඇයව අපහසුතාවට පත් කළ අවස්ථා බොහොමයකි. විශේෂයෙන්ම මේ නිසා ඇයට සැබෑ ලෙසම ආදරය කරන්නෙක් සොයා ගැනීම පවා දුෂ්කර වී තිබෙනවා.
ඇගේ පෙම්වතුන් ඇය සමඟ ආදරය කරන විට බොහෝ විට බිල් ගෙවීමට සිදුව ඇත්තේ තමාට බව ශ්‍රැති පැවසුවේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.
ඇය එහිදී කියා සිටියේ ඇය ආදරය කරන අතරතුර බොහෝ විට බිල් ගෙවීමට සිදු වූයේ තමාට බවයි. තමා මූල්‍යමය වශයෙන් ස්ථාවර නිසා සහ තමාට මුදල් ඇති යැයි ඔවුන් විශ්වාස කරන නිසා ශ්‍රැතිගේ පෙම්වතුන් බොහෝ අවස්ථාවල ඇය බිල් ගෙවනු ඇතැයි කල්පනා කර තිබුණා.
“කාන්තාවන් සඳහා මූල්‍ය ස්වාධීනත්වය ඉතා වැදගත් බව මං දන්නවා. නමුත් අනෙක් පැත්තෙන් එය මට අවාසි වූ අවස්ථා වැඩියි. මගේ පෙම්වතුන් බිල් ගෙවන්න ඉදිරිපත් වුණේ නැහැ. මොකද එයාලට තිබුණේ මට සල්ලි තියෙනවා වගේ හැඟීමක්.”
බිල් ගෙවීම තමාගේ ආදරයේ භාෂාව බව සිතූ ශ්‍රැති, එය දිගින් දිගටම සිදු කළ නමුත් අවසානයේ ඇය එයින් ඉගෙන ගත් පාඩම් බොහෝය.
“මම බිල ගෙවන්නම් ඒක මගේ ස්වභාවය නිසා ඒක මගේ ආදර භාෂාව නිසා. ඒත් මාස තුනක් ඇතුළත අපි නව වතාවක් කෑමට ගියා. ඔයා ගෙවලා නැහැ කියලා මම කිව්වා. ඔහු කිව්වා ඔයා ඒක ආදරෙන් කළා කියලා මම හිතුවා, අනික ඔයාට ගොඩක් සල්ලි තියෙනවනේ කියලා.”
ඇයගේ පරමාදර්ශි පිරිමියා ‘හොඳ හාස්‍යයක්’ ඇති අයෙකු සහ ‘විනෝද වීමට කැමති’ කෙනෙකු බවද ඇය මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර කියා සිටියා. ස්ත්‍රීන් හා පුරුෂයන් සබඳතා පවත්වන අතරතුර ‘මූල්‍යමය වශයෙන් සංවේදී’ විය යුතු නමුත් දෙදෙනාටම දැරිය හැකි තැන්වලට හමුවීමට යන්නැයි ඇය මෙහිදී සියල්ලන්ට යෝජනා කළා.
ශ්‍රැති හාසන් අවසන් වරට ප්‍රසිද්ධියේ පෙමින් බැඳී සිටියේ සමකාලීන ඉන්දියානු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන සන්තානු හසරිකා (Santanu Hazarika) සමඟය. නමුත් ඔවුන් පසුගිය වසරේ මුල වෙන්වූ බවට වාර්තා පළ වුණා.