දේශීය පුවත්

ගණේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩික්කරු මෙන්න

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි.

වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් ඉහතින් දැක්වේ.

අද (19) උදෑදන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව සැකකරු බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

මනුෂ්‍ය ඝාතන 19කට මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.

කෙහෙල්බද්ද පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණි.

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවන් ලෙස යුද හමුදාවෙන් පළා ආ පිරිස කටයුතු කර ඇති ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!