Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මාලුවා නහින්නේ කට නිසාලු.. මේ ඉන්දියාවේ කට නිසා පාඩු කරගත් නිළියක්…

උර්වශි රවුටෙලා පසුගිය වසර 11 තිස්සේ බොලිවුඩ් කර්මාන්තයේ කොටසක් වුවත් ඇගේ චිත්‍රපටවලටත් වඩා ජනප්‍රිය වන්නේ ඇය මාධ්‍ය වෙත ලබා දෙන සම්මුඛ සාකච්ඡාය. ඊට හේතුව එම අවස්ථාවල ඇය කියන, තැනට නොගැළපෙන කතාය.

ඇය දුරදිග නොබලා කතා කරන නිළියක් ලෙස දැන් සියලු දෙනා අතර හාස්‍යයට ලක් වෙලා. නෙට්ෆිල්ක්ස් පෝස්ටරයෙන් ඇය ඉවත් කිරීමට නිෂ්පාදක කණ්ඩායම් පියවර ගෙන ඇත්තේ ඇය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය නිසා බවටයි මත පළ වෙමින් පවතින්නේ. පසු ගිය දා Daaku Maharaj ප්‍රවර්ධන සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සයිෆ් අලී ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඇයගෙන් කළ විමසීමක් සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුරක් මිනිසුන්ගේ දැඩි පිළිකුළට හේතු වී තිබුණා. එහිදී ඇය කටේ බ්‍රේක් නැතිවී ගොස් සයිෆ්ගේ පිහි ඇනුම ගැන කතා කිරීම පසෙක තබා සිය මවගෙන් සහ පියාගෙන් ලැබුණු වටිනා දියමන්ති ආභරණ හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව කතා කළා.

පසුව ඇය ලියුමක් ලියමින් මේ සම්බන්ධයෙන් සයිෆ් අලී ඛාන්ගෙන් සමාව ඇයද සිටීමට කටයුතු කරත් ඇති වූ ජන අප්‍රසාදය වළකා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නන්දාමුරි බාල ක්‍රිශ්ණා, උර්වශි රවුටෙලා සහ බොබී ඩියොල් රංගනයෙන් දායක වන තෙළිඟු චිත්‍රපටයක් වන Daaku Maharaj එහි OTT නිකුතුව සම්බන්ධයෙන් සැලකිය යුතු උනන්දුවක් ජනිත කර තිබෙනවා. බොක්ස් ඔෆිස් හි එය ශක්තිමත් ආරම්භයක් ගත් අතර පළමු දිනයේ දී ඉන්දියානු රුපියල්

කෝටි 30.2 ක් උපයා ගෙන තිබුණා. පළමු සතිය අවසන් වුණේ රුපියල් කෝටි 78.8 කින් උපයා ගනිමිනි.
දෙවන සතිය වන විට ආදායම රුපියල් කෝටි 20.05 දක්වාත් තුන්වන සතියේ රුපියල් කෝටි 6.32 සහ සිව්වන සතියේ රුපියල් කෝටි 2.26 ක් ලෙස ආදායම පහත වැටුණා.

පෙබරවාරි 25 වන දින උර්වශි රවුටෙලාගේ උපන්දිනයට පෙර පෙබරවාරි 21 වන දින නෙට්ෆ්ලික්ස් හි Daaku Maharaj විකාශය ආරම්භ කිරීමට නියමිතය. චිත්‍රපටයේ උර්වශි උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස රංගනයෙන් දායක වෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!