කෑමේ නම කිව්වත් ගොඩක් දෙනෙකුගේ කටට කෙළ උනනවා…
ඒ තරම් රසවත්ව ක්‍රම ගණනකට සකසාගන්න පුළුවන් මේ ආහාරය මොකද්ද කියලා දැනගන්න කැමතියිද..?
ඇඹරැල්ලා යනු අපේ දේශීය ආහාර ක්‍රමවේදයේ ඉතා රසවත් පලතුරක් මෙන්ම ගුණවත් වැංජනයක්.. ඇඹරැල්ලා වැංජන ලොකු කුඩා අපි කවුරුත ප්‍රිය කරන්නක්.. එයට හේතුව වන්නේ එයටම වෙන්වූ අවේනික රසය නිසායි… එසේම ඇඹරැල්ලා අපිට එදා කොතරම් සමීපද යන්න ගමේ නිවෙස්වල සැම නිවෙස් කිහිපයකට එක් ගසක් දක්නට ලැබෙනවා…
ඉදුණු ඇඹරැල්ලා ජෑම් සකස් කරන අතර පැසුණු ඇඹරැල්ලා චට්නි ,අච්චාරු ,වැංජන පිස ගනියි එසේම අපි වැඩිය නොදන්නා කරුණකි ඇඹරැල්ලා දළු සම්බෝල සකස් කරයි තරමක් පැසුණු කොළ මැල්ලුමක් වශයෙන්ද ආහාරය ගන්නවා..
අපේ දේශීය ආයුර්වේදය නම් ඇඹරැල්ලා ගසට හිමි වන්නේ බොහෝ උසස් තැනකි විශ්මිත ඖෂධ රැසක් නිපදවිය හැකි ශාකයක්.. ඉදුණු ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් වාත පිත,සේම තුන් දොස්ම සුව වෙනවා..
ශ්‍රී ලංකාවේ හටගන්නා ඇඹරැල්ලා වර්ග තුනකට බෙදේ වල් ඇඹරැල්ලා, ඇඹරැල්ලා,කටු ඇඹරැල්ලා ප්‍රභේද තුනක්…. වල් ඇඹරැල්ලා SPONDIAS PINNATA නැමැති උද්භිත විද්‍යාත්මක නාමයෙන්ද කටු ඇඹරැල්ලා SPONDIAS MOMBIN නැමති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.පොදුවේ මෙම ඇඹරැල්ලා සියල්ලම අඹ කුලයට අයත් වන අතර ANACAEDIACEAE උද්භිත නාමයයි…
මෙම වර්ග තුනෙන්ම සමන්‍ය ඇඹරැල්ලා ඖෂධය සදහා වැඩි පුර භාවිතා කරනු ලබයි… එනම් එම ඇඹරැල්ලා SPONDIAS DULCIS උද්භිත විද්‍යාත්මක නමයෙන් හදුන්වනවා…
ඇඹරැල්ලා ඛනිජ ලවණ හා බොහෝ විටමින් වලින් බහුල පලතුරකි එනම් කැල්සියම් ,පොස්පරස්, කාබෝහයිඩ්ඩ්‍රේට් ,යකඩ,බහුලව අඩංගු අතර විටමින් C,A,B1,B2 හා ෆයිබ හෙවත් තන්තු බහුල වශයෙන් පිරි පලතුරක්…
ඇඹරැල්ලා යනු හෘදයට වඩාත් හිතකර පලතුරකි එබැවින් හෘදය ආශ්‍රිත රෝගවලදී ඇඹරැල්ලා පළතුරක් ලෙස ආහාරට ගැනීම හෝ වැංජන ලෙස ආහාරයට ගැනීම ඉතාම ඖෂධීය ගුණයෙන් යුතු ආහාරයක්… හදවත් රෝගන් හා හදවත් රෝග ඇතිවීමේ අවධනය මිදීම සදහා ඇඹරැල්ලා අඩංගු කැල්සියම් හා අනෙකුත් විටමින් වර්ග උපකාරී වෙනවා…
අධි රුධිර පිඩනයෙන් පෙලෙන රෝගීන් සදහා යම් පලතුරක් නිර්දේශ කරන්නේද එම පලතුරු අතර පළමු තැන හිමි වන්නේ ඇඹරැල්ලා පලතුරටය එනම් හෘද රෝගය සදහා හොඳම පලතුර ඇඹරැල්ලාය එපමණක නොව දියවැඩියාව රෝගීන් සදහාද හොඳම පලතුරකි ඇඹරැල්ලා මෙවැනි රෝගීන් උදෑසනම ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් ආහාරයට ගැනීම වටිනා ඖෂධයකි මෙන්ම එසේ නොහැකිනම් ඇඹරැල්ලා වැංජනය,දළු සම්බෝලේ අවම වශයෙන් දින දෙකකට වරක් වත් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි..
ඇඹරැල්ලා වලවිටමින් C මගින් ශරීරයේ සංසරණ ක්‍රියා වලිය ක්‍රමවත් කරයි එනම් ඇඹරැල්ලා හොඳන් ඔක්සිජන් රුධිරයට එකතු වීම නිසා රුධිර සංසරණ ක්‍රමවත් කරයි එමගි අධි රුධිර පිඩනයෙන්, හෘද රෝගය සදහා දිවියම්‍යා ඖෂධයක්..
එසේම ඇඹරැල්ලා තුළ විශේෂ ගුණය වන්නේ වේදනා නාශක ගුණයයි හන්දි පත් ඉදිමුන් තැලීම්, ඇඹරැල්ලා වටනා ඖෂධයක්.. අද බොහෝ දෙන්න වේදනා විදින රෝගයකි හන්දි පත් අමාරු ,ඉදිමිමි ,තැලීම්,මෙඅම සදහා ඇඹරැල්ලා ගසේ පොතු ස්වල්පයක් ගෙන ලුණු දියෙන් සියුම් ලෙස අඹරා වේදනා එනම් ඉදිමින් ,හන්දි වේදනා ,තැලීම් ඇති ස්ථාන මත අලේප කරන්න ඔබගේ වේදනාව මඟ හැරී යනු ඇත ඇඹරැල්ලා යනු හොඳ වේදනා නාශකයක්..