Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කාන්තා දිනය දා ගුරුවරියකට ගුරුවරයෙකුගෙන් අකටයුත්තක්… මුලු පාර්ලිමේන්තුවක් කැළඹෙයි !

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ, ඊට වහාම පියවර ලෙසය.

අදාළ පහරදීම විදුහලේ විදුල්පතිතුමිය ඉදිරියේ සිදුකර ඇති බවත්, පහරකෑ ගුරුවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඇය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවේදී නැගීසිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ, මෙම සිද්ධිය අද උදෑසන තමන්ට වාර්තා වූ බවයි.

කෙසේ නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇය පැවසුවාය.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දෙන බවත්, අද (8) දවස ඇතුළත එහි ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!