දේශීය පුවත්

බලන් ඉන්න බෑ කුහක මිනිස්සුන්ට, ගිහින් දැම්මා මට බොරු චෝදනා, ෆේස්බුක් ඇවිත් පියුමි කාටද මේ සාප කරන්නේ ?

විලාසිතා නිසා, සමාජමාධ්‍යයෙන් ජනප්‍රිය වුණ ඇය ගැන මේ දවස්වල ආයෙත් කතා බහට ලක්වෙනවා.

ඒ ඇය ඊයේ දිනයේ ඇය විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමත් එක්ක.
පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසම සලකා බැලීම ඊයේ සිදු කෙරුණේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේදී.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවටයි චෝදනා කළේ.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
මේ තුළින් සිය සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.
මේ පිළිබවද ඇය සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!