තරු ගොසිප්

‘පාසල් වේදිකාවට ගොඩවෙනකොට ඒ කාලයේ දැනුන ඒ හැඟීම අදත් මට එදා වගේම දැනුනා” – ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි ලියු ආදරණීය සටහන මෙන්න

”පාසල් කාලය කියන්නෙ අපි කාගෙත් මතකයන් අතර සුන්දරම මතක ඇහැරවන හරි අපූරු කාලයක්. සතුට,දුක එකට මුසුවෙච්ච මොකක්දෝ සුවයක් දැනෙන සුන්දරම හැඟීමක්.

මගේ පලමු පාසල; වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය.
දෙවෙනි පාසල; මීරිගම ඩී.එස් සේනානායක ජාතික පාසල.
තෙවැනි පාසල ; ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය.
මේ පාසල් තුනම මට එකම පුණ්‍ය භූමියක්.

පසුගියදා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ජයාරූප සංගමය මගින් සංවිධානය කරන ලද “සිහින 25″ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. රන්වැලි මවුන්ගේ සදාදරණීය දියණියක් ලෙස අනේකවිධ හීන මවපු මාව අවුරුදු ගනණකට පසුව මාගේම රන්වැලි මවු තුරුලට ප්‍රධාන ආරාදිතයෙකු ලෙස ආදරයෙන්, ගෞරවයෙන් පිළිගත් පාසල් මාතාවට දණ නමා වැඳ නමස්කාර කරනවා.

මේක හීනයක්. හැබෑවුණු හීනයක්.

මේ වේදිකාව උඩ කොයිතරම් නම් සිනා වෙලා ඇත්ද කොයිතරම් නම් හඬා වැටිලා ඇද්ද. කාලය කොයිතරම් ගතවෙලා තිබ්බත්, පාසල් වේදිකාවට ගොඩවෙනකොට කුඩා දැරියක්ව සිටි ඒ කාලයේ දැනුන ඒ හැඟීම, හද ගැස්ම අදත් මට එදා වගේම දැනුනා.

ඒ එක්කම මහ පුදුමාකාර සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් දැනුනා. ඇස්වලට කඳුළු එන්න ඇත්තේ ඒ නිසාමයී.

ඉතින් මේ හැඟීම් සමුදාය දරාගෙන කථිකාසනයේ ඉඳන් මගේම නැගණියන්ට සුභ පැතුම් එක් කරන්න ලැබීම වචනයට පෙරලන්න බැරි සුන්දර හැඟීමක්.

ඉතින් මේ මිහිරිතම අවස්ථාව වෙනුවෙන් මා හට ඇරයුම් කළ විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයටත්, මගේම ආදරබර රන්වැලි නැගණියන්ටත් හදපිරි ස්තූතිය !

රන්වැලි මව්නි ඔබ සදා දිනේවා…”

සටහන : Kanchana Anuradhi ෆේස්බුක් ගිණුමෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!