තරු ගොසිප්

හෙල සිනමාවේ නිලි රැජින. මාලිනිය නමින් ඔන්න සිනමාහලක්…

හෙළ සිනමාවේ නිළි රැජින, ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ඊයේ (අප්‍රේල් 30) සිය 76 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා.

ඒ, වෛද්‍ය නිර්දේශයන්ට අනුගතව කලා ලොවේ තරු රැසක් සමඟයි.

එම සුවිශේෂී රාත්‍රිය ‘රැජිනියේ’ නමින් නම්ව තිබුණා.

ගෙවුණු කාලයේ රෝගාතුරව පසුවූ මාලිනිය වෙනුවෙන් සිනෙස්ටාර් පදනම විසින් මෙම විශේෂ ජන්ම දින සැමරුම සංවිධානය කර තිබුණේ, කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේයි.

ඒ අනුව මේ වන විට සුවවෙමින් විවේකීව පසුවන ඇය විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ පූර්ණ උපදෙස් පරිදි යමින් ඉතාම සෞඛ්‍යාරක්ෂිතව වේදිකාව මත සිට සිය කලා පවුලේ දරුවන් තමන් වෙත දක්වන ගෞරවනීය ආදරය විඳගැනීමට කටයුතු කර තිබුණා.

එහිදී ඇය වෙනුවෙන් අගනා වාර්තා චිත්‍රපට කිහිපයක් ද තිරගත කෙරුණු අතර එතුමිය වෙනුවෙන් පවත්වන ලද දෙසුම් කිහිපයකින් සේම මනරම් නර්තන අංගයන්ගෙන් ද මෙම මොහොත වර්ණවත්ව තිබුණා.

ඒ සියල්ලටමත් වඩා සුවිශේෂී කාරණය නම්, ‘මාලිනියේ සිනෙස්ටාර්’ මැයෙන් ඇයගේ නමින් සිනමාහලක් ඊයේ දින නම් වීමයි. එම තීරණය ගෙන තිබුණේ, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසිනි.

මේ අතර නිළි රැජිනගේ ජන්ම දින සැමරුමත්, ඇගේ සිනමා දිවිය සැමරීමත් මූලික කරගනිමින් ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ඊයේ දින සිට යළි තිරගත කෙරෙන බවත් සඳහන් කළ යුතුයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!