තරු ගොසිප්

දරු ගැබක් දරාගෙන met gala පලස මතින් ඇවිද ගිය පලමු ඉන්දීය නිලිය ගැන ඇසෙන කතාව මෙන්න

Met Gala 2025 පලස මත ඇවිද ගිය, බොලිවුඩ් නිළි කියාරා අද්වානි කෙරෙහි කාගෙත් අවදානය යොමුවෙලා.

ඒ ඇය සිය නව පෙනුමෙන් ප්‍රථමවරට ප්‍රසිද්ධියේ පෙනී සිටීම නිසාවෙන්.

සිද්ධාර්ත් මල්හෝත්‍රා – කියාරා අද්වානි යුවළ පුංචි අමුත්තෙක් පිළිගන්න සූදානමින් පසුවන බවට කාටත් කියලා තිබුණෙ පෙබරවාරියේදී.

ඒ සුබ ආරංචිය ගැන කාටත් කිව්වට, කියාරා ප්‍රසිද්ධියේ පෙනී උන්නෙ නෑ.

Met Gala 2025 පලස මතයි ඈ සිය දරු ගැබත් දරාගෙන පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ.

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, දරු ගැබත් දරාගෙන Met Gala පලස මත ඇවිද ගිය පළමු ඉන්දියානු නිළිය ඇය.

ඇගේ මෙම අපූරු විලාසිතාව ඉන්දියානු නිර්මාණකරුවෙකු වන ගෞරව් ගුප්තාගේ විලාසිතාවක් බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!