තරු ගොසිප්

අභිෂේක් බච්චන්ට ඉන්දීය රාජ්‍ය බැංකුවකින් මසකට රුපියල් කෝටි 6ක් ගෙවන හේතුව හෙළි වේ

හින්දි සිනමාවේ කැපී පෙනෙන තරුවක් වූ අභිෂේක් බච්චන් සුපිරි ධනවතෙක් කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙවෙයි.

රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් වන  අභිෂේක් ඔහුගේම ව්‍යාපාර වගේම ක්‍රීඩා කණ්ඩායම්වල කොටස් කරුවෙක් විතරක් නෙවෙයිසුපිරි නළු අමිතාබ් භච්චන්ගේ එකම පුතු ලෙස ඔහුගේ ධනස්කන්ධයටත් උරුමකම් කියනවා.

එවැනි ධන නිධානයකට හිමිකම් කියන අභිෂේක්ට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් ඉන්දියානු රුපියල් ලක්ෂ 18.9 ක්(දළවශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6)කට ආසන්න මුදලක් ගෙවන බව මෑතකදී අනාවරණය වුණා.

සෑම මසකම අභිෂේක්ට ඉන්දියානු රුපියල් ලක්ෂ 18.9ක් ගෙවන බැංකුව වන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය අංශයේ බැංකුවක් වනඉන්දීය රාජ්‍ය බැංකුව (SBI)යි.

එය ඉන්දීය රුපියල් කෝටි 280 ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකමක් සහිත මුම්බායි නගරයේ ජුහු ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේසුඛෝපභෝගී මන්දිරය ඉන්දීය රාජ්‍ය බැංකුව වෙත බදු දීමෙන් ලැබෙන ආදායම ලෙසයි වාර්තා වන්නේ.

ඔහු අදාළ බැංකුව සමඟ වසර 15 කාලයක් සඳහා කල්බදු ගිවිසුමකට එළැඹී ඇති අතර එය බච්චන් පවුලේ ස්ථිර ආදායම් අතරට මේවන විට එක් වී ඇති බව වාර්තා පවසනවා.

සූ

Lakvahini

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!