“ආසියාවේ කළු වෙළඹ” ලංකාව අතහැර ඕස්ට්‍රෙලියා ගිහින්

“ආසියාවේ කළු වෙළඹ” ලංකාව අතහැර ඕස්ට්‍රෙලියා ගිහින්

ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩිකාවක හා පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කළ සහ 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ, තම දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගොස් ඇති බවත් ඇය නැවත සියරට පැමිණීම අස්ථිර බවත් වාර්තා වනවා.

ඇය මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර, නැවත රටට පැමිණීම පිළිබඳව අවිනිශ්චිත බව මිතුරන් සමඟ පවසා ඇත.

No photo description available.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ වන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය ප්‍රමුඛ කොට සැලකීම ලෙස ඇය දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

සුසන්තිකාගේ සමකාලීන ක්‍රීඩිකා, ආසියානු පදක්කම්ලාභිනී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද වසර කිහිපයකට පෙර තම පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවාය.

May be an image of 1 person

වයස අවුරුදු 49ක් වන සුසන්තිකා ජයසිංහ යනු මීටර් 100 සහ 200 තරඟ ඉසව් සඳහා විශේෂිත වූ විශ්‍රාමික ශ්‍රී ලාංකික ධාවිකාවකි. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරඟයෙන් රිදී පදක්කම දිනා ගනිමින්,

ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනූ දෙවන ශ්‍රී ලාංකිකයා සහ ධාවන තරඟයකින් ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියානු කාන්තාව බවට පත්විය.

2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ඇය දිනූ රිදී පදක්කම, 2020 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේදී නීරජ් චොප්රාගේ රන් පදක්කම දක්වා වසර 21ක් තිස්සේ මලල ක්‍රීඩා තරඟයකින් දකුණු ආසියානු රටක් දිනූ එකම ඔලිම්පික් පදක්කම ලෙස වාර්තා විය. “ආසියාවේ කළු වෙළඹ” යන ආදරණීය අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇය මලල ක්‍රීඩාවට සිදුකළ දායකත්වය වෙනුවෙන් සැමරුම් ලබයි.

May be an image of 9 people

සුසන්තිකා 1996, 2000 සහ 2008 යන අවස්ථා තුනේදීම ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ලත් ධාවිකාවන්ගෙන් කෙනෙකු ලෙස පුළුල්ව පිළිගැනෙන ඇය, මහින්ද රාජපක්ෂ දිනවීම වෙනුවෙන් දේශපාලන වේදිකාවටද නැංග රටේ විවාදාත්මක චරිතයක් ලෙස ද සැලකේ.

විවාහ ගැටලු වලින් පසු සැමියාගෙන් වෙන්වූ ඇය දරුවන් සමග වෙනම වාසය කරන්නියකි.

Susanthika Jayasinghe join with the Sri Lanka Cricket - 11cricketnews

May be an image of 1 person, smiling and suit

No photo description available.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *