සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
“සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍යඅමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය ධානපතියන්හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය යම් යම් කාලවලදී ලැබෙනවා. අපි කරන්නසුදානම් වෙන්නේ මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන එක.
මින් ඉදිරියට දේශපාලන උවමනාව මත හෝ කාට හරි රෝහලක් බලලා හිතේ ඇති වෙන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බෑ. ඉදිරිඅවුරුදු 20 ගැන සළකලා බලලා ජාතික සැලැස්මක් අනුව තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ. අපේ මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ ප්‍රදේශයේරෝහල මහ රෝහලක්, ජාතික රෝහලක් දක්වා දියුණු කරගන්න හීන තියෙන්න පුළුවන්. නමුත් ඒ හීන කොතරම් ජාතික සැලැස්ම එක්කගැලපෙනවා ද කියන එක සලකා බලමින් තමා මෙතැනින් එහාට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ“යැයි අමාත්‍යවරයා කියාසිටියා.
A5 News Sri Lanka